spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සරත් ගුණරත්න අත්අඩංගුවට ගැනිම දේශපාලන පළිගැනිමක්ද ?නීතිය හරියට ක්‍රියාත්මක කිරිමක්ද ?

Must read

sarath G 2මීගමුව ශ්‍රිලනිප සංවිධායක හිටපු ධීවර නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරිම පිළිබදව මාධ්‍ය විසින් විවිධ අර්ථ කථන සපයා දි තිබුණි.
ඇතැම් මාධ්‍ය විසින් කියා සිටින්නට යෙදුනේ වසර 15 කට පසු මෙසේ අත්අඩංගුවට ගැනිම පිටුපස දේශපාලන පළිගැනිමක් ඇති බවය.
තවත් අය කියා සිටියේ රිය අනතුරක් හේතුකොට ගෙන මේ අත්අඩංගුවට ගෙන තිබුණ බවය.
එහෙත් මේ සියළු විවරණ වලදි මතුව එන එක් කරුණක් වුයේ වසර 15 කට පසු නීතිපති දෙපාර්තමේන්තුව සරත් ගුණරත්න අත්අඩංගුවට ගන්නට යැයි කියන්නේ ඇයිද යනුවෙනි.
රාජපක්ෂ සමයේ නීතිපති දෙපාර්තමේන්තුවට තිබුනේද රාජපක්ෂලාගේ අරලියගහ මැදුරේම යැයි තතු දන්නෝ කියන්නට පටන් ගෙන තිබුණි.
කෙසේ වෙතත් එක් කරුණක් පැහැදිලිය එනම් මෙම නඩුව සහ සරත් ගුණරත්නගේ සමබන්ධය පිළිබදව රාජපක්ෂ පාලන සමයේ තිබු කිසියම් ඩීල් එකක් අහෝසිව යැමෙන් අනතුරුව මේ ඉඩ මතුව තිබුණි බවය.
එක්කො සරත් ගුණරත්නව මේ නඩුවෙන් ඉවත් කරන්න යැයි හිටපු ජනාධිපතිගේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට පමණක් දැනුම් දිමක් කරමින් තිබුණා වන්නට පුලුවන. එසේත් නැතිනම් සරත් ගුණරත්නව අත්අඩංගුවට ගන්නට යැයි  කර තිබුණ නියෝගය දේශාපාලන බලපැම් මත පොලිසිය විසින් සිදුනොකර තිබුණා වන්නට පුළුවන .
කෙසේ හෝ දැන් සිදුව ඇත්තේ පොලිසිය විසින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් මේ ගැන උපදෙස් පතා යැවිමෙන් පසු නීතිපති  දෙපාර්තමේන්තුව විසින් සරත් ගුණරත්නව අත්අඩංගුවට ගන්නට යැයි දන්වා එවිමය.
මෙතෙක් පොලිසියට අමතක ව තිබුණ යමක් මතක් කරදි කරවන්නට තරම් අයෙකු මේ පිටුපස සිටින්නටද පුළුවන.
එය එසේ නම් ඔහු කව්දැයි දැනගන්නටද වැඩිකලක් ගත නොවනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article