spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සරත් ගුණරත්න මහතාට එරෙහිව නඩුව නීතිපතිට ….?

Must read

sarath Mahindnewලංකා ධීවර වරාය නීතිගත සංස්‌ථාවේ රුපියල් එක්‌කෝටි තිස්‌ ලක්‍ෂයකට අධික මුදලක්‌ අයථා ලෙස පරිහරණය කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ධීවර නියෝජ්‍ය ඇමැති සරත් ගුණරත්න මහතාට (සරා) එරෙහිව නීතිමය පියවර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීමට ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ගුණරත්න මහතා පසුගිය ජනාධිපතිවරණය සමයේදී මීගමුව මහා නගර සභා පිටියේ පැවැති මැතිවරණ ප්‍රචාරක රැලියක් වේදිකාව සකස්‌ කිරීමට රුපියල් අසූනව ලක්‍ෂයකට අධික මුදලක්‌ වැය කර ඇතැයි මේවන විට හෙළිව ඇත.

සිය දේශපාලන අවශ්‍යතාව වෙනුවෙන් ටී ෂර්ට්‌ සහ තොප්පිවලට රුපියල් දහතුන් ලක්‍ෂයකට ආසන්න මුදලක්‌ වැය කිරීම මෙන්ම දින පොත් මුද්‍රණය සඳහා රුපියල් දශලක්‍ෂයකට අධික මුදලක්‌ වැය කිරීම යන චෝදනා ද ඔහුට එල්ලවී තිබේ.

මේ කාරණා සම්බන්ධයෙන් ඔහුගේ වැඩිමහල් දියණිය විවාහකරගෙන සිටින බෑණාට ද චෝදනා එල්ලවී ඇතැයි පැවසේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාව ගුණරත්න මහතා ප්‍රසිද්ධ සාක්‍ෂි විභාගයක්‌ සඳහා කැඳවූ අතර ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීමට තීරණය කරනු ලැබුවේ ඉන් පසුවය.
www.sinhala.srilankamirror.com

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article