spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සරසවි දොර අරින්නටත් බුද්ධාගම යතුරක් වෙන ලකුණු!

Must read

sharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
විශ්ව විද්‍යාලවලට සහ රැකියාවලට බඳවා ගැනීමේ දී ධර්මාචාර්ය සහතිකයට වටිනාකමක් දීමේ

හැකියාව පිළිබදව ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබේ.

දහම් පාසල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව සැප්තැම්බර් 24 බ්‍රහස්පතින්දා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ඒ පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වු බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

ආගමට, දහමට ලැදි ආධ්‍යාත්මිකව පිරිපුන් පරපුරක් රටක භෞතික දියුණුවට සමගාමීව අනාගතයට දායාද කළයුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහිදී පවසා තිබේ.

ශ්‍රී ලංකාව ගුණ දහමින් පොහොසත් රටක් බවට පත්ව ඇත්තේ බුදු දහම ප්‍රමුඛස්ථානයේ තබා ගනිමින් සෙසු ආගම් උගන්වන ආගමික සහජීවනය නිසා බව ඔහු වැඩි දුරටත් සදහන් කර ඇත.

ශ්‍රී ලංකාව ගුණ දහමින් පොහොසත් රටක් බවට පත්ව ඇත්තේ බුදු දහම ප්‍රමුඛස්ථානයේ තබා ගනිමින් සෙසු ආගම් උගන්වන ආගමික සහජීවනය නිසා බව ඔහු වැඩි දුරටත් සදහන් කර ඇත.

චිරාත් කාලයක් සාමකාමීව සහ සහජීවනයෙන් ජීවත් වූ ශ්‍රී ලාංකේය සමාජය තුළ අන්තවාදයෙන් තොර සැබෑ දහම් අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා සෑම ආගමකම ලියාපදිංචි දහම්පාසල්වල අඩු පාඩු සම්පූර්ණ කිරීමටත්, නියාමනයටත් රාජ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ මැදිහත්වීම සිදු විය යුතුයැයි ජනාධිපතිතුමා අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

පිරිවෙන් සහ දහම්පාසල් පෙළ පොත් නැවත සංස්කරණයේ අවශ්‍යතාව සහ පිරිවෙන් ගුරුවරුන් ලෙස සිටි පිරිස් මෙවර උපාධිධාරී රැකියා පත්වීම් ලබා ඇත්නම් ඔවුන් සේවය කළ පිරිවෙන්වලටම පත් කිරීම කෙරෙහි ද එහිදී අවධානය යොමු ඇත.

භික්ෂුන් වහන්සේට ඉංග්‍රීසි, පරිගණක සහ තාක්ෂණික දැනුම:

භික්ෂුන් වහන්සේගේ ඉංග්‍රීසි, පරිගණක සහ තාක්ෂණික දැනුම වර්ධනය කිරීමට, පිරිවෙන් ගුරුවරුන්ගේ පත්වීම්, වැටුප් සහ දීමනා ගැටළු නිරාකරණයට සැලසුම් සහ යෝජනා  ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩි දුරටත් පවසයි.

පිරිවෙන් සහ භික්ෂු අධ්‍යාපන ක්ෂේත්‍රය නියෝජනය කරමින් මහා සංඝරත්නය සහ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර  සහ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු සහ නිලධාරිහූ එම  සාකච්ඡාවට එක්ව තිබේ.
Theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article