spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අඟල් වලින් වෙනස්වන වෙළඳපළේ පොල්මිළ ජෝක් එකක් විම ……

Must read

1601135827-coconut_Lඅති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් පොල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.

ඒ පොල් ගෙඩියේ වට ප්‍රමාණය අනුවය.

මේ පිළිබඳව සොයාබැලීමට “අද දෙරණ” ප්‍රවෘත්ති කණ්ඩායමක් වෙළෙඳපොළ නිරීක්ෂණයක නිරත වි ඇති බව එම වෙබ් අඩවියේ පුවතක පළව තිබේ

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම මිලක් දක්වමින් ඊයේ (25) ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

එහි දක්වා ඇති ආකාරයට පොල් ගෙඩියක් සඳහා උපරිම මිල තීරණය කළ හැක්කේ, එහි වට ප්‍රමාණය අනුවය.

වට ප්‍රමාණය අඟල් 13ට වැඩි පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 70කි.

වට ප්‍රමාණය අඟල් 12 – 13 අතර වන පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියල් 65කි.

වට ප්‍රමාණය අඟල් 12ට අඩු පොල් ගෙඩියක් අලෙවි කළ හැක්කේ, රුපියල් 60කට පමණය.

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ, උපරිම මිලට වඩා ඉහළ මිලකට අලෙවි කිරීම, අලෙවිය පිණිස තැබීම හෝ අලෙවිය සඳහා ප්‍රදර්ශනය කිරීම හෝ සිදුනොකළ යුතු බවය.

නව මිල ගණන්වලට අනුව වෙළෙඳපොළේ පොල් අලෙවි වන්නේද? යන්න සොයා බැලීමට “අද දෙරණ” වෙළෙඳපොළ නිරීක්ෂණයක නිරතව තිබේ.
ඒ අනුව පෙනි යන්නේ එය සැබැවින්ම ජෝක් එකක් වි ඇති අයුරුය.
රජයක් මේ තරම් ජෝක් වෙමින් ඇති යුගයක් මෑත ඉතිහාසයේ නම් අපගේ මතකයේ නැති තරම්ය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article