spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ස්මාට් දුරකථනය මිගමු විදුහලක යොවුන් ජීවිතයක් බිලිගනී….

Must read

මීගමුව , සාන්ත මරියා විදුහලේ ඉගෙනුම ලබන 16 හැවිරිදි දරුවෙකු මෙම 23 වන අඟහරුවාදා දින ගෙලවැලලා ගනිමින් සියදිවි නසාගෙන ඇත .
මීගමුව , කඩොල් කැලේ ප්‍රසික යොහාන් සිතුම් ප්‍රනාන්දු නම්වු මෙම දරුවා පවුලේ වැඩිමහල් දරුවාය . දුරකථනයක් මත සිදුවූ සරල සිදුවීමක් දුරදිග ගොස් මෙම අවාසනාවන්ත මරණය සිදුවී ඇති බව අවට සිටින ඥාතියෙකු අප සමඟ පැවසීය. සිදුවීම සරල වුවද එය අවසන් වූයේ කනත්තෙනි. එම දෙමව්පියන්ගේ දුක්ඛිත කතාව අද බහුතරයක් දෙමව්පියන්ගේ කතාවමය. එබැවින් මින් මතුකෙරෙන ගැඹුරු සත්‍යය අප කව්රුත් අවබෝධ කර ගත යුතුව ඇත.

වාර්තා වන අන්දමට මේ දරුවා විසින් පාසැලේදි ටික් ටොක් ඒකක් නරඹමින් සිටියිද ඒය දැක ඇති අදාල ගුරු බවතා මෙම දරුවාට සිය දෙමව්පියන් පාසැලට කැදවා ගෙන එන ලෙස දැනුම් දි තිබේ.
ඉන් කලකිරුණු දරුවා මේ අවාසනාවත්ත ඉරණමට ගොදුරු වි ඇත.

: ඕනෑම දෙමව්පියකු තමන්ගේ දරුවා වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරති. දරුවන් අතට මෙවැනි තාක්ෂණික මෙවලම් ලැබෙන්නේ ඒ අනුවය. ඒ ඔවුන්ගේ දැනුමට ඉගෙනීමේ කටයුතු වලට අවශ්‍ය බැවිනි . නමුත් දරුවා මේ මගින් දැනුම , අවබෝධය වෙනුවට වෛරය,කලකිරීම සහ ආවේගයන් පාලනය කරගත නොහැකි තත්ත්වයට පත්වීම කණගාටුවට කරුණකි .

තාක්ෂණය තුළ මරුවා සැඟවී සිටින බව බහුතරයක් දරුවන් නොදනී. ඔවුන්ගේ මනස ක්ෂනික තීරණ ගැනීමට තරම් වන මානසික ස්වභාවයක් දක්වා වෙනස් වන්නේ මෙහි බරපතළ කම සමාජය හමුවේ තබමින්ය.

අකාලයේ දරුවන් මෙසේ මියයාම ගැන නිතර කතාබහට ලක්වීම සමාජ ඛේදවාචකයකි.

මෙම තාක්ෂණ මෙවලම් දෙපැත්ත කැපෙන කඩුවක් වැනිය. එය යහපත් අන්දමින් යොදා ගැනීමට දරුවන් යොමු කිරීම දෙමව්පියන්ගේ ප්‍රධානතම වගකීමකි. මෙහිදී ගුරුවරුන් , උගතුන් , බුද්ධිමතුන් වැනි අයගේ සමාජමය වගකීමද වැදගත්ය.
ඉගෙනීමට තාක්ෂණය අවශ්‍ය වුවද, දරුවෙනි! ඒවා ප්‍රවේශමෙන් පරිහරණය කරන්නැයි අප අවධාරණය කර කියා සිටිමු. එසේම මෙහිදී දරුවන් හට නිසි මගපෙන්වීමක් කිරීම අත්‍යවශ්‍ය හෙයින් , දෙමව්පියන්ගේ වගකීමද ප්‍රධාන වන බව අවධාරණය කර කියා සිටිමු .
සැම්සන් ඥානසිරි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article