spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සානෝ.. සුභ ගමන් මගේ දෙයියෝ…. අපි ඔබට ණය ගැතියි..

Must read

FB_IMG_1589230697417

     අප හමුවුනු බොහෝමයක් අතරින් හිතෙහි රැදෙන්නේ අල්පයකි… එයින් අයෙකුගේ වෙන්වීම අප හද සසල කරයි.
සානෝ මට මිහිපිට ජීවත් වන  එකතරා දෙවියෙකි.
    ඒ මීට වසර හතරකට පමන පෙර සීතල සවසක  මා හා මගේ පෙම්වතිය  සමග මෙස්සීනා සිට  මිල්ස්සෝ නගරය බලා මෝටර් සයිකලයෙන් පිටත් වුනී. මිල්ස්සෝ යෑමට ඇති මාර්ග දෙකක් ඇතත් පහල පාරෙන් එනම් මුහුද හරහා යන පාරේ යෑමට තීරණය කලෙමු. එහිදී මොරතෙල්ලී සිට විල්ලා ෆ්‍රැන්කා දකවා කිලෝමීටර 22 පමන මාර්ගය ටිකක් කදු සහිත පාලූ මාර්ගයකි.  සවස් කාලයේ වාහන නැති තරම් ය.

එහි අඩක් පමණ යන විට අපේ බයිසිකලේ ප්‍රෙට්‍රල් අවසන් වී නතර වුනි. ඇත්තටම කිසි දෙයක්  කරකියා ගැනීමට නොහැකි තරම් අසරණ  වුනේ කලුවර වැටීගෙන එනවාත් සමග එන සීත සුලගට ඔරොත්තූ දීමට තරම් වත් ජැකට් අප සතු නොවීය.මා මීටර් කිහිපයක් බයිසිකලය තල්ලු කරගෙන ගියෙමි.  පෙට්‍රල් ශෙඩ් එකක් වත් දන්නා කියන තැනක නැත. අපව බල බල ගිය වාහනද අපට සරණක් වූයේ නැත.. අප දන්නා කියන කෙන්ක්ද අහල පහල නැති තරම්‍ ය..

කලු පාටට හුරු සුඛෝපභෝගී වාහනයක් අප පාස් කරමින් නතර කලේය..එහි සානෝ සහ ඔහුගේ පෙම්වතිය විය.  ඔහු මට කතා කරමින් කුමක්ද කාරණාව විමසීය. ඔහු අපව අවශ්‍ය ස්ථානයට ගිහින් දැමීමට ඇසුවත් මෝටර් සයිකලය අතර මග නොදමා යෑමට මට සිත දුන්නේ නැත  පසුව ඔහු ඒ අසල කැලි කසල ගොඩක තිබූ හිස් බෝතලයක්ද  ගෙන අපව ඔහුගේ වාහනයට  නග්ව ගත්තේ පෙට්‍ල් සෙඩ් එකක් සොයගෙන යෑමටය. ඒ යන අතර මග අපි සානොව හැදින ගතෙමු. අපි කතා කලෙමු.

එදින සෙනසුරාදා දිනයක් හෙයින් ඔවුන් හැන්ඩියට ඇද පැලදගෙන මිතුරන් සමග  විනෝදවීමට යෑමට සැලසුම් කර තිබිනි. නමුත් ඔවුන්ට අප මුනගැසුනි හෙයින් එයද කල වේලාවට කර ගැනීමට නොහැකි විය.අපි විල්ලාෆ්‍රැන්කා හී ඉන්ධන හල වෙත ගියෙමු. සානෝද වාහනයෙන් බැස අර හිස් බෝතලය ගෙන පෙට්‍රල් ගසාගැනීමට මට උදව් කලේය. පසුව පෙට්‍රල් පිරවූ බෝතලය තම වාහනයේ තබාගෙන අපව නැවත බයිසිකලය නැවතුනු ස්ථානයටම ගෙනවිත් දැමීය. ඒ විතරක් නොව බයිසිකලය නැවත පනගැන්වෙන තුරු බලන් සිටියේය.. ඇත්තටම එදා ඔහු ආවේ  දෙවියෙකු වඩිනවා වැනිය. මන්දයත් එම වේලාවේ එම මාර්ගයේ ඉන්දන හලක් පේන මානයක නැත.  උදව් කරන්නද කෙනෙක් නැත. අප පිට ජාතිකයන් නිසා එම උදව් ලබාගැනීමද සුලුපටු නොවේ..

කෙසේ හෝ එදින සානෝව මම හැදිනගත්මි. මා ඔහුගේ නම ෆේස්බුක් හී සෙවීය. ඔහු අප සමග කතා  කලත් ඔහු ගේ  වෘත්තීය පැවසුවේ නැත. ඔහු දේශපාලනයට උනන්දු බව පැවසීය. ඔහුගේ පෙම්වතිය පුස්තකාලයක වැඩ කරන බව පැවසීය. ඇය නමින් නොයෙමි ය. ඔහුගේ ෆේස්බුකී ප්‍රොෆයිලය පිරිස්සූ මා ඔහු මෙස්සීනා නගර සභාවේ  torre faro භාර කොන්සීලර් වරයෙක් බව   දැන ගත්තේ එවිටය..  රික්වෙස්ට් එකක් යවමින් පෙරදා සිදුවීමට අනේකවාරයක් ස්තූති පල කලෙමි… FB_IMG_1589230675518

  අද ඔහුගේ මරණය සැලවීම මාව  මහත් කම්පණයට පත් කලේය..එදින ඔහු  මට කල උදව්වට ප්‍රති උදව්වක් කිරීමට මට නොහැකි විය…ඇත්තටම මා   ඔහු තුලින් ජීවමාන දෙවිකෙනෙකු අත්දුටුවේමි..නමුත් අද ඒ දෙවියා මතකය පමනක් ඉතිරි කොට  අප හැර ගොස්ය…
සානෝ මම ඔබට ණය ගැතියි… කවදාහෝ අපි නැවත හමුවෙමු
|ඩිල්ෂාන් තිසේරා – මෙසිනා – ඉතාලිය
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article