spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‘‘සාම්ප්‍රදායික මාධ්‍ය හාන්සියි‘‘ ජනපතිවරණයේ ලොකුම බලපෑම කළේ වෙබ් අඩවි – ආචාර්ය රංග කලංසූරිය

Must read

පසුගිය ජනාධිපතිවරණයේ දී අන්තර්ජාලය ජනමතය වෙනස්කිරීම සඳහා සම්ප්‍රදායික මාධ්‍ය පරයමින් ඉදිරියට පැමිණ ඇතැයි ආචාර්ය රංග කලංසූරිය මහතා පවසයි. හෙතෙම මේ බව ප්‍රකාශ කළේ කොළඹ දී පැවැත්වෙන ජාත්‍යන්තර මාධ්‍ය සදාචාරය පිළිබඳ සාකච්ඡාවේ දී අද අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකාවේ යාපනය, කොළඹ, ගාල්ල මොණරාගල ඇතුළු දිස්ත්‍රික්ක 14ක් පදනම් කැරගනිමින් කරන ලද සමීක්ෂණයක දී මේ බව හෙළිවූ බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

සමීක්ෂණය සිදුකළේ මැතිවරණයේ ඡන්ද විමසීමට දින කිහිපයකට පෙර බවත් එහිදී මැතිවරණ සමයේ තොරතුරු දැන ගැනීම සඳහා තමන් මාධ්‍ය භාවිතා කරන බව සියයට 80ක් දෙනා පැවසූ බව ද ආචාර්ය කලංසූරිය පවසයි.

ඔවුන්ගෙන් සියයට 93ක් ප්‍රධාන වශයෙන් භාවිතා කැර ඇත්තේ රූපවාහිනිය බවත් අංක දෙකට පත්ව ඇත්තේ අන්තර්ජාලය බවත් ඔහු අනාවරණය කළේය. සියයට 27ක් මැතිවරණය ගැන තොරතුරු දැනගැනීමට අන්තර්ජාල පුවත් වෙබ් අඩවි හා සමාජ වෙබ් අඩවි භාවිතා කරද්දී සම්ප්‍රදායික මාධ්‍යය වූ පුවත්පත් හා ගුවන්විදුලිය පසුපසට ඇද වැටී ආකාරය පැහැදිලි වූ බවත් හෙතෙම කීවේය. ඔහු පවසන්නේ අනපේක්ෂිත ලෙස ගාල්ල, දෙනියාය, මොණරාගල, අනුරාධපුරය වැනි දිස්ත්‍රික්කයන්හි ඈත එපිට ගම්මානවල පවා විශාල පිරිසක් අන්තර්ජාලය භාවිතා කරන බව එම සමීක්ෂණයේ දී අනාවරණය වීමෙන් තවදුරටත් අන්තර්ජාලය ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයට ආගන්තුකයකු නොවන බව පැහැදිලි බවයි.

ඡන්දය දෙන පාර්ශවය තීරණය කිරීම සඳහා මාධ්‍යයේ බලපෑම සිදුවූ ආකාරය පිළිබඳ සමීක්ෂණය කිරීමේ දී නෙී ගොස් ඇත්තේ සියයට 80ට තම තිරණය වෙනස්වීම කෙරෙහි මාධ්‍යයේ ප්‍රචාරය බලපෑ බවයි. එහිදී වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ රූපවාහිනී මාධ්‍යයෙනි. එය සියයට 59ක් වෙද්දී අන්තර්ජාලය හේතුවෙන් තම මතය වෙනස් වූ බව සමීක්ෂණයට ලක්වූ අයගෙන් 31% ක් පවසා තිබිණි. පත්තර හේතුවෙන් තම මතය වෙනස් වූ බව පැවසූ සංඛ්‍යාව 1% කි. ගුවන්විදුලිය හේතුවෙන් මතය වෙනස් වූ පිරිස 0.05% ක් තරම් ඉතා අඩු අගයක වූ බව ද ආචාර්ය කලංසූරිය කීවේය.

මේ සමීක්ෂණයේ තවත් එක් අංගයක් වී ඇත්තේ මාධ්‍යය සදාචාරය ආරක්ෂා කළා ද යන්න ගැන මහජන මතය විමසීමයි. එහිදී සියයට 70ක් පවසා ඇත්තේ මාධ්‍ය ආචාර ධර්ම සියල්ල උල්ලංඝනය කැර ඇති බවයි. ඉන් 54.5% ක මතය වි ඇත්තේ රාජ්‍ය මාධ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍යය ද ආචාර ධර්ම උල්ලංඝනය කරමින් මාධ්‍ය වාර්තා කළ බවයි.

ආචාර්ය රංග කලංසූරිය මහතා පවසන්නේ මේ සමීක්ෂණයේ තවත් බොහෝ කරුණු ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බවයි.

උපුටා ගැනිම – ලංකාදිප වෙබ් අඩවිය

P1090435

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article