spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සිතියම් ගත ඇලක් දේශපාලන හයියෙන් ගොඩ කරලා.දැන් ගංවතුර තර්ජන ?

Must read

Negombo-News කටාන සහ මීගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ටාශ වල මායිම් සලකුණු කරමින් කොච්චිකඩේ ප්‍රදේශයෙන් මා ඔයට ගලා බැස ගිය තෝප්පුව ඇල නම් වු ඉපැරණි ඇල කැළුම් නම් ව්‍යාපාරිකයා 2011 ඔක්තෝබර් 08 වෙනිදා වසා දමා අලුතින් ඇලක් කපන්නට පියවර ගෙන තිබුණි.

ඒ තමන් සතු ඉඩම් දෙක එකට යාකර ලොකු මුදලකට විකුණා ගැනිම වෙනුවෙනි.

ඇලක් තබා ඇල රක්ෂිතය හෝ මෙසේ ගොඩ කිරිම බරපතල වරදක් වුවද ප්‍රදේශයේ රාජ්‍ය නිළධාරින්ගේ සහ දේශපාලකයන්ගේ  පුර්ණ අනුග්‍රහය මත අධිකරණයෙන්ද නිදහස්ව දැන් එුසතුටින් කල් යවයි.

. ඉපැරණි ඇල මෙසේ ගොඩ කර  අළුත් ඇල මාර්ගයක් කැපිම හරහා මේ ව්‍යාපාරිකයාට පර්චස් 10 ක් පමණ වැඩිපුර ඉඩම් ප්‍රමාණයකක්ද අල්ලා ගැනිමටද හැකිව ඇතැයි ප්‍රදේශවාසින් පවසති.

මේ ස්වාභාවික ඇල   ගොඩකිරිම හේතුවෙන් අධික වැසි තත්වයක් යටතේ ඒ අසල පිහිටි නිවෙස් වතුරින් යටවිමේ තර්ජනයක් පවතින බව පුනා පුනා ප්‍රදේශවාසින් කියා සිටියද මේ ව්‍යාපාරිකයා එය ගණකටවත් ගත්තේ නැත.

මහජන ආරවුලක් ලෙසින් උසාවියට ඉදිරිපත් වු මෙම පැමිණිල්ල අවසන් වුෙය් ඇල දෙපස ගල් වැටි බදින ලෙසින්  නියෝගයක් පමණක් ලබාදෙමිනි.මේ නියෝගය ක්‍රියාත්මක කිරිමේදි පවා ඔහු ඉක්මන් වුයේ ඔහුගේ ඉඩම මායිමට අයත් ඇල ඉවුරේ බැම්ම බැදිම ගැනය.

පසුගිය දින දෙක පුරා ඇද හැලුන වර්ෂාව නිසා ඇලෙහි ජල බැස්ම දැන් ස්වාභාවිකව සිදුනොවන තත්වයක් තුල  අසල පිහිටි නිවෙස් යටවෙන්නට පටන් ගෙන ඇත.

තෝප්පුව ඇල කොළඹ හලාවත මාර්ගයට හරහා මාඔය කරා ඇදෙන්නේ කොච්චිකඩේ නගර පසුකර මීටර් 100 පමණ හලාවත දෙසට ගමන් කරද්දිය.මේ ඇල මීගමුව හ කටාන යන ප්‍රාදේශිය ලේකම් කොට්ටාශ දෙකටම අයත්ය.

මෙම ඇල මා ඔය කරා ඇදෙන්නේ  කලින් තුෂාර සුපර් මාකට් දැන් ආර්පිකෝ සුපරි වෙළද සැලේ ගොඩනැගිල්ල අයත් කැළුම් යන  අයගේ ඉඩම් දෙකක් මැදින්ය. එනම් ඇල ඉවුරේ මා ඔය පැත්තට වෙන්නට පිහිටා ඇත්තේ ඔහු සතු වු මුල් ඉඩමයි.

දැන් ආර්පිකෝ සුපර් මාකට් පිහිටා ඇති ස්ථානයේ පිටුපසින් තවත් ඉඩම් කැබැල්ලක් කැළුමි මිලට ගෙන ඇත.

කලින් ඇල දිව ගියේ මේ ඉඩම් දෙක මැදිනි.මේ ඇලෙහි දකුණතට වු වංගුව කිසියම් ආකාරයකින් කෙලින්කර ගත හැකි වන්නේ නම් ඉඩමි දෙකක යා කර එක් විශාල ඉඩමක් සකසා ගැනිම ඔහුගේ එකම පැතුම විය.

තෝප්පුව ඇල වනාහි මීගමුව සහ කටාන යන ප්‍රාදේ ශීය ලේකම් කොට්ටාශ දෙක වෙන්කරනු ලබන මායිම් ඇලයි.රාජ්‍ය දේපලක් වු ඇලක ස්වාභාවික පිහිටිම වෙනස් කර එය ගොඩ කර අලුතින් ඇල මාර්ගයක් තනා ලන තෙක් රාජ්‍ය නිළධාරින්ද දේශපාලකයන් පමණක් නොව මහජනතාවද කළේ කුමක්ද  කාටත් දැන් ගැටළු  සහගතය.

විශේෂයෙන්ම මේ අනිතික ක්‍රියාව සිදුකළ සමයේ මීගමුව සහ කටාන යන ප්‍රාදේශිය ලේකම් කොට්ටාශ වල වගකිම් දැරු ප්‍රා දේශිය ලේකම්වරැන් මේ සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ග අනිවාර්යෙන්ම විමර්ශනයට ලක් කළ යුතුව ඇත.එමෙන්ම මේ කොට්ටාශ දෙකේ ග්‍රාම නිලධාරි වරුන් මේ අනිතික ක්‍රියාවට ප්‍රතිචාර දක්වා ඇති අන්දමද අනිවාර්යෙන්ම විමර්ශනය කළයුතුව තිබේ.

කැළුම් නම් මේ ව්‍යාපාරිකයා මේ නිති විරෝධි කටයුත්ත සදහා පළාත් පාලත් පාලන මැතිවරණ දිනය තෝරාගත්තේ ඇයි????

එනම් ආණ්ඩු පක්ෂයෙන් මේ කලාපයේ දේශපාලකයන් මේ ව්‍යාපාරිකයාට මේ නිතිවිරෝධි ක්‍රියාව  සදහා කොළ එළි දල්වා තිබුණිද,,,??

නියෝජ්‍ය නගරාධිපති සකාවුල්ලා, බන්දුල නාඔටුන්න සහ සුනිල් සිල්වා යන නාගරික මන්ත්‍රින් මේ නිති විරෝධි ක්‍රියාව අරඹයා නිහඩව සිටියේ ඇයි??????

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article