spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

”සිතුවේ ඔබ සෙල්ලම් කරන්නට නැවතුන බවයි.”

Must read

133c35f3ab70c1df36d3494136a0bd3fnew
සරත් සෘතුවේ සීතල හිරු යට  ඔහු ඉදගෙන සිටියි
අත්හැරීමට නොහැකි විශ්වාසයකින්  හා  දිවයාමට බියෙන්

කරන්නට දෙයක් නොමැතිව දිනගණනක් ඔහු මෙතැන
නමුත් පාර අසලට වී   ඔහු  සිටියි ඔබ එනතුරු

ඔබ හැරගිය හේතුව  ඔහු නොදනී
සිතුවේ ඔබ සෙල්ලම් කරන්නට නැවතුන බවයි.

ඔබ නැවතත් එනබව විශ්වාසයෙන් ඔහු තවමත් සිටී
කොපමණ කල් දුක් විදින්නද? තව කොපමණ දවසක්ද ?

දෙපා දුර්වල වී උගුර වියලී
කුසගින්නෙන් දුර්වලව,සුසුමක් සමගින් බිම ඇද වැටී

ඔහු බිම දිගාවී දෙනෙත් පියාගෙන
මග බලාගෙන සිටින සුනඛයෙක් මියයන සැටි ඔබ දකී නම්…133c35f3ab70c1df36d3494136a0bd3f

කැතී ෆ්ලූඩ්


පරිවර්තනය/ චින්තිකා මිතිලායා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article