spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සියල්ලට පෙර කිලී මහාරාජාගෙන් දේශපාලනය බේරාගත යුතුය !

Must read


ශ්‍රී ලංකාව කවුරුන් විසින් පාලනය කරන්නේයැයි කවුරුන් සිතා සිටියත් බොහෝ අය නොදන්නා නමුත් ඇත්තෙන්ම රට පාලනය කරන දෙදෙනෙක් සිටිති.

අනුරාධපුරේ ඥානා අක්කා

එක් අයෙකු වන්නේ අනුරාධපුරේ ඥානා අක්කා, අනුරාධපුරේ මෑණියෝ, ඥානා අම්මා යනාදී නම්වලින් හැඳින්වෙන කාන්තාවය. ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරුන්, මැති ඇමතිවරුන්, ඉහළ පරිපාලන නිලධාරීන් ඇතුළු බොහෝ පත්වීම් සිදු කරන්නේ දේවාලයක් පවත්වාගෙන යන මේ කාන්තාව විසිනි.

ඇතැම් ප්‍රධාන පෙළේ දේශපාලන චරිත සතියේ දින හතෙන් හතරක්ම සිටින්නේත්, රාත්‍රිය නිදිවරාගෙන ගත කරන්නේත් මැගේ දේවාල භූමියේය. ඇයට ඇති අනුහස් එතරම්ම ප්‍රබලය. ප්‍රජාතන්ත්‍රවාදය විහිළුවක් වී ඇති රටේ ඉහළම දේශපාලන පත්වීම් අන්තිමේ සිදුවන්නේ හොර දේවාලයක් කරන මගඩි සාත්තරකාරියකට වුවමනා හැටියටය.

සිරසේ කිලී මහාරාජා

අනෙක් කෙනා වන්නේ මේ ඡායාරූපයේ සිටින, සිරස මාධ්‍ය ජාලයේ අධිපති කිලී මහාරාජාය. අද දවසේ රට තුළ මතුව ඇති දේශපාලන ගිනිකෙළි සංදර්ශන බොහොමයක මුල සිටින්නේත්, මැද සිටින්නේත්, අග සිටින්නේත් ඔහුය.

මේ ඡායාරූපයෙහි ඔහු සමඟ සිටින්නේ සජිත් පාර්ශ්වයේ මූලික කැරලිකරුවකු වන සුජීව සේනසිංහය. එහෙත් මෙතැනට එන්නේ, ඔය භූමිකාව කරන්නේ සුජීව පමණක් නොවේ. මේ පසුතලයේ සුජීවගේ චරිතය පමණක් වෙනස් වෙමින් නිතර නිතර මෙම නාටකය රඟ දැක්වේ. සුජීවගේ චරිතයට අඳින ප්‍රධාන පෙලේ දේශපාලකයින් බොහෝය.

ඥානා අක්කාට පාලනය කරගත හැක්කේ ඇය කෙරෙහි විශ්වාසය තබා ඇය වෙත යන චරිත පමණි. එහෙත් කිලී මහාරාජා යනු තමන්ට අවශ්‍ය චරිත තමන් ළඟට ගෙන්වා ගැනීමේ හැකියාවක් ද ඇත්තෙකි.

කිලීට අවශ්‍ය රටේ නායකයා බවට පත්වී රට පාලනය කිරීමට ද නොවේ. ඔහුට අවශ්‍ය රටේ පාලකයා පවා තමන් යටතේ වැඩ කරනු දැකීමටය. දැනටමත් එය යම් ප්‍රමාණයකින් ඉටුවී ඇති අතර මේ මොහොතේ ක්‍රියාත්මක වන්නේ අනාගතයේදී එය මීට වඩා හොඳින් කරවා ගැනීම සඳහා වඩා සුදුසු පුද්ගලයකු පාලකයා කරවා ගැනීමේ මෙහෙයුමයි.

පාලකයින් රූකඩ කරගන්නා ව්‍යාපාරිකයින්ගේ භයානකත්වය

මෙය අතිශයින්ම භයානක බව අමුතුවෙන් කිව යුතු නොවේ.

කොතෙකුත් අඩුපාඩු සහිතව වුවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ වැදගත් දෙය වූයේ කිලීට වුවමනා ආකාරයෙන් නැටීම ප්‍රතික්ෂේප කිරීමයි. කිලීගේ කැඳවීමට අනුව ඔහුව හමුවීමට යාම ප්‍රතික්ෂේප කිරීමයි. කිලී අද සියලු රනිල් විරෝධීන් තමන් යටතට ගෙන ක්‍රියාත්මක කරමින් සිටින්නේ ඊට පළිගැනීමේ ක්‍රියාන්විතයයි.

ජනතා ඡන්දයෙන් බලයට පත්වන්නවුන් අවම වශයෙන් වසර පහකින්, දහයකින් හෝ ප්‍රතික්ෂේප කිරීමේ අවස්ථාව ජනතාවට ලැබේ. එහෙත් තම ඡන්දයෙන් බලයට පත්වන්නන්ට ඉහළින් සිටිමින් ඔවුන්ව රූකඩ ලෙස නටවන ව්‍යාපාරිකයකු එළවා දැමීමේ හැකියාවක් ජනතාවට ලැබෙන්නේ නැත. එසේ ලැබෙන ක්‍රමවේදයකුත් නැත.

එහෙයින් නවලිබරල්වාදයෙන් හෝ අධිරාජ්‍යවාදයෙන් රට ගළවා ගැනීමට පෙර කිලී මහාරාජාගෙන් සහ ඔහුගේ රූකඩවලින් රට ගළවා ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් වී තිබේ.
lankanewsweb.com



- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article