spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සියලු ශ්‍රේණි සඳහා පාසල් විවෘත කිරීම අගෝස්තු 10

Must read

email sharing buttonsharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
එළඹෙන මහ මැතිවරණයෙන් පසු ලබන අගෝස්තු මස 10 වැනිදා සිට සියලූ රජයේ පාසල් පළමු ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා

සම්පූර්ණයෙන් ආරම්භ කිරීමට මේ වනවිට කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් රංජිත් චන්ද්‍රසේකර ‘නෙත් නිවුස්’ වෙත කියා සිටියේ පාසල් විවෘත කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් ඉදිරියේදී සිදුකරන බවයි.

පුද්ගල දුරස්ථභාවය අනුව පංති කාමරය සකස් කිරීමට කටයුතු කරන බවත්, පාසල තුළ ළමයින්ගේ සෞඛ්‍ය  පිළිබඳ ගැටලු අධ්‍යනය කිරීමට කණ්ඩායමක් පත් කරන බවත් ඔහු මෙහිදී කියා සිටියේය.

පාසල් විවෘත කිරීමේ පළමු අදියර හෙට (27) සිට 11, 12 සහ 13 ශ්‍රේණිවල දරුවන්ගේ අධ්‍යයන කටයුතු සෞඛ්‍ය ක්‍රමවේදයන්ට යටත්ව ආරම්භ කෙරෙන බව ද ඔහු සඳහන් කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article