spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සියළුම ආකාරයේ ආදර්ශ ඡන්ද විමසීම් තහනම් !

Must read

ජනාධිපති අපේක්ෂකයින් සම්බන්ධව සිදුකෙරෙන සියළුම ආකාරයේ ආදර්ශ ඡන්ද විමසීම් තහනම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

පෞද්ගලික ආයතන, උපකාරක පන්ති ආදී ස්ථානවල පැවැත්වෙන ආදර්ශ ඡන්ද විමසීම් සම්බන්ධව සහ ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ සමාජගතවීම සම්බන්ධව මැතිවරණ කොමිසම වෙත වාර්තාවී ඇතැයි මහින්ද දේශප්‍රිය මහතා ඊයේ(25) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළේය.

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනතේ 78 වැනි වගන්තියට අනුව මෙවැනි ක්‍රියාකාරකම් අයුතු බලපෑම් යටතට ගැනෙන බවත් මෙවැනි ආදර්ශ ඡන්ද විමසීම්වලින් ලැබෙන ප්‍රතිඵලය මුලු දිවයිනටම සාමාන්‍යකරණය කිරීම වැරදි සහගත ක්‍රියාවක් බවත් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

මෙහිදී සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ එක් ස්ථානයක ප්‍රතිඵලය තවත් ස්ථානයකට බල නොපාන බවය. තැපැල් ඡන්ද ගණනය කිරීම සිදුවන්නේ ද සාමාන්‍ය ඡන්ද දායකයන් සිය ඡන්දය භාවිත කිරීමෙන් පසුව බවත් එසේ නොමැති වුවහොත් අනෙකුත් ඡන්ද දායකයන්ට ඉන් බලපෑමක් ඇතිවිය හැකි බවත් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

එබැවින් යහපත් නීතිගරුක පුරවැසියන් වශයෙන් එවැනි ක්‍රියාකාරකම්වලින් වලකින ලෙස මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලීමක් කළේය.

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදු කරනු ලබන මත විම­සුම් (OPINION POLL) නැවැ­ත්වී­මට පියවර ගන්නැයි පැෆරල් සංවිධානය ඉල්ලා සිටි

මේ අතර පසුගියදා පැෆරල් සංවිධානය විසින් සමාජ ජාලා ඔස්සේ සිදුකරගෙන යන ලබන මතවිමසුම් පිළිබදව ප්‍රශ්ණ්‍ය මැතිවරණ කොමිසමේ අවධානයට යොමු කොට තිබුණි.
නා­ධි­ප­ති­ව­ර­ණ­යට තරග වදින අපේ­ක්ෂ­ක­යන් අතර, ජය­ග්‍රාහී අපේ­ක්ෂ­ක­යන් තේරී­මට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදු කරනු ලබන මත විම­සුම් (OPINION POLL) නැවැ­ත්වී­මට කට­යුතු කර­න්නැයි පැෆ­රල් සංවි­ධා­නයේ විධා­යක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටි­ආ­රච්චි මහතා මැති­ව­රණ කොමි­සමේ සභා­ප­ති­ව­ර­යාට දන්වා යවා ඇත.

පසු­ගිය සිකු­රාදා මේ සම්බ­න්ධව ලිඛි­තව කොමි­සමේ සභා­ප­ති­ව­රයා වෙත දන්වා ඇති බව පව­සන ඔහු පෙන්වා දෙන්නේ මෙවන් මත විම­සුම් මගින් එක් එක් අපේ­ක්ෂ­ක­යන් ප්‍රව­ර්ධ­නය කෙරෙන බවයි. ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක් ප්‍රකා­ශ­යට පත් කර ඇති මෙවන් සම­යක එම­ගින් සෙසු අපේ­ක්ෂ­ක­යන්ට අග­ති­යක් විය හැකි හෙයින් එවන් මත විම­සුම් නවත්වා දැමී­මට සුදුසු ක්‍රියා මාර­ග­යක් ගැනී­මට කට­යුතු යොදන ලෙස ඉල්ලා ඇති බව ද ඔහු පව­සයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article