spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සිරිකුරුස පාලම හැදීම ශ්‍රිලනිප යේ ඡන්ද පොරොන්දුවක් ඒ නිසා අපි පාලම හදනවා – ලලිත් ටෙන්සිල්

Must read

ශාන්ත  නිකුලා  ප්‍රජා  සංවර්ධන  සමීතිය  විසින්   සිරිකුරුස  පාලම  ඇතුළු  පාලම්  කිහිපයක්  ගැන වූ  ඊයේ (17) පැවති මීගමුව සම්බන්ධීකරණ කමිටුවේදී සාකච්ඡාවට ගැනුණි.
මෙම  පාලම  සඳහා  කාලයක්  තිස්සේ  විවිධ  පොරොන්දු  දුන්නද  මේ  වනතෙක්  එය  ඉටුනොවීම  ප්‍රශ්ණයක්  ලෙස  පවතින  බව  සාකච්ඡා  වූ අතර   මෙහිදී  රොයිස් ප්‍රනාන්දු  මහතා  පැහැදිළි  කළේ   මෙය  තාවකාලික   ප්‍රතිසංස්කරණ  වලින්  කළහැකි  දෙයක්  නොවන බවත්,  ඒ  සඳහා   ස්ථිර  වැඩපිළිවෙලක්  අවශ්‍ය වන අතර   පාලම  මේ  ලෙසම  පවත්වා  ගත  හැකිනම්  ඒබවට  නිර්දේශ  ඉදිරිපත්  කළයුතුව  ඇති  බවයි.  ගම්  දෙකක් යාකරන පාලමක් මෙන්ම  මෙම  ස්ථානයෙන් ලොරි  ආදිය  යන නිසා  අවධානය  දියයුතු  ප්‍රශ්ණයක්  බවත් මේ  නිසා  යම්  අනතුරක්  සිදුවුවහොත්  කුමක්  කරන්නදැයි  ප්‍රශ්ණ  කරන  ලදී.
අවසානයේ  දී  ලලිත්  ටෙන්සිල්  මහතා  කියා  සිටියේ  ශ්‍රී  ලංකා  නිදහස්  පක්ෂයට  ඡන්දය  ලබා  ගැනීමේදී  මෙම  පාලම   ඡන්ද  පොරොන්දුවක්  ලෙස  පාවිච්චි  කර  ඇති  බවයි.  ඒනිසා  මෙවර  අපි  පාලම  හැදීමට  කටයුතු  කරනබවට පොරොන්දු වක්  දෙන  බවයි. පාලම එක් පැත්තක් පුපුරා පහත් වී ඇති අයුරු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article