spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සිවඥානම් සෙල්වදීපන් මාධ්‍යවේදියාට එල්ලකළ මැර ප්‍රහාරය හෙළා දකිමු.

Must read

press freedom

මාධ්‍ය නිවේදනය

2014.04.20

සිවඥානම් සෙල්වදීපන් මාධ්‍යවේදියා එල්ලකළ මැර ප්‍රහාරය හෙළා දකිමු.

පසුගිය 2014 අප්‍රේල් 14 වනදා යාපනය පුරාපොරුක්කි ප්‍රදේශයේදී වීරකේසරි සහ තිනක්කුරල් හි වඩමාරච්චිය පුවත් වාර්තාකරු සිවඥානම් සෙල්වදීපන් මහතා හට එල්ල කරන ලද මැර ප්‍රහාරය මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව තරයේ හෙළා දකිමු.
වාර්ථා වන අන්දමට පසුගිය 14 වෙනිදා රාත්‍රි 8.00 ට පමණ සිවඥානම් සෙල්වදීපන් මහතා වල්ලයි පුරාපොරුක්කි හංදියෙන් ගමන් කරමින් සිටි අවස්ථාවේදී ඔහු පසුපසින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු උඹ මාධ්‍යවේදියක්ද?” යැයි ප්‍රශ්ණ කරමින් හිසට කම්බි කූරුවලින් පහරදී ඇත.

මෙම සිදුවීමට සතියකට පමණ ඉහතදී ත්‍රස්ත විමර්ශන අංශය (TID) විසින් සිවඥානම් සෙල්වදීපන් මාධ්‍යවේදියාගේ යතුරුපැදියේ අංකය, හැදුණුම්පත් අංකය, දුරකථන අංකය ආදී තොරතුරු නෙල්ලිඅඩි පොලිස් ස්ථානයෙන් ලබාගෙන තිබූ බවද වාර්තා වෙයි.
මේ අනුව පෙනියන්නේ මේ මෙම ප්‍රහාරයට ආරක්ෂක අංශවල සමබදතාවක් තිබිය හැකි බවය.

පසුගිය කාලය තුල උතුරේ මාධ්‍යවේදින් බරපතල මාධ්‍ය මර්ධනයකට ලක්ව තිබුණ අතර එහි සිදුවන ජනපිඩනයන් ලෝකයාගෙන් වසන් කර තබාගැනිමට බලා සිටින රාජ්‍ය හස්තයන් මේ සියල්ල පිටුපස සිටින බව විශ්වාස කරමු.

විශේෂයෙන්ම මෑතක සිට රජය විසින් සිදුකරමින් ඇති අත්අඩංගුවට ගැනිම් වලින් පෙන්නුම් කරනුයේ උතුරේ ජනයා හමුවේ යළිත් වරක් පිඩනයක් මුදා හරිමින් ඔවුන් තුවක්කුවේ පාලනයට තවදුරටත් නතු කර තබාගැනිමට කටයුතු සැලැසුම් වන බවකි.

මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව(CPJ) විසින් නිකුත් කොට ඇති නවතම වාර්තාව අනුව ශ්‍රී ලංකාව මාධ්‍යවේදීන් ඝාතන සම්බන්ධයෙන් දඬුවමින් මිදී සිටීමේලෝක දර්ශකයේ 4 වනස්ථානයට පත්ව තිබේ.

යම් මාධ්‍යවේදී ඝාතනයක් සම්බන්ධයෙන් කිසිවෙක් දඬුවමකට යටත් කොට නැත්නම් එය “දඬුවමින් මිදී සිටීමේ දර්ශකය” සඳහා සලකා බැලෙන අතර එවැනි නොවිසඳුණු සිදුවීම් 5ක් හෝ ඊට වැඩි ගණනක් ඇති රටවල් දර්ශකයට ඇතුළත් කෙරෙන බව “මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව” (CPJ) පවසයි.
එම දර්ශකයට අනුව එහි ඉහළින්ම සිටින්නේ ඉරාකය වේ.

සෝමාලියාව හා පිලිපීනය පිළිවෙළින් දෙවන හා තුන්වන ස්ථානයේ සිටින අතර එම දර්ශකයේ ඊළඟට සිටින්නේ ශ්‍රී ලංකාවය.

එසේම ඇෆ්ගනිස්ථානය හයවැනි ස්ථානයත් පකිස්ථානය නම වැනි ස්ථානයත් ඉන්දියාව දහතුන් වැනි ස්ථානයත් හිමිකර ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය අවසන් වී වසර පහක් ගතවී ඇතත්, මේ ඝාතන සිදු කොට ඇත්තේ කවුද යන්න අපට ඔප්පු කිරීමට බැරි වී තිබේ. ශ්‍රී ලංකා රජය ඔප්පු කිරීම ප්‍රතික්ෂේප කොට ඇත්තේත් එම ඝාතනවලට වගකිවයුත්තේ කවුරුන්ද යන කාරණයබව මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුවේ ආසියානු වැඩසටහන් සම්බන්ධීකාරක රොබර්ට් ඩීට්ස් මහතා විසින් අවධාරණය කර තිබේ.

මේ සියල්ල විසින් සනාථ කරනු ලබන්නේ මාධ්‍යවේදින් හට සකලාකාර අඩම්තේට්ටම් සිදුකරමින් ඒ සියළු මැරයන් හා ඝාතකයන්ට නිදැල්ලේ සිටින්නට වතාවරණයක් මේ රජය විසින් සකසා ඇති බවය.

මේ තත්වය වහා වෙනස් කරන ලෙසත් සිවඥානම් සෙල්වදීපන් මහතාට පහර දුන් මැරයන් වහා නිතියේ හමුවට පමුණුවන ලෙසත් ඉල්ලා සිටින අප කමිටුව මාධ්‍ය නිදහසට එරෙහිව දකුණේ මෙන්ම උතුරේද සිදුකරන මර්ධනයට එරෙහිව එකාබද්ධ වැඩපිළිවෙලක් හරහා අඛන්ඩ විරෝධතාවකට මුල පුරන බවද එය ජාත්‍යන්තරය දක්වා ගෙන බවද ප්‍රකාශ කරනු කැමැත්තෙමු.

මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව

 

1.ශ්‍රි ලංකා වෘත්තිය පත්‍රකලාවේදින්ගේ සංගමය

2.මාධ්‍ය සේවකයන්ගේ වෘත්තිය සමිති සම්මේලනය

3.ශ්‍රිලංකා මුස්ලිම් මාධ්‍යවේදින්ගේ සංසදය

4.ශ්‍රිලංකා දෙමළ මාධ්‍යවේදින්ගේ සංසදය

5.ශ්‍රිලංකා ජනමාධ්‍යවේදින්ගේ වෘත්තිය සංගමය

6.වෘත්තිය වෙබ් ජනමාධ්‍යවේදින්ගේ සංගමය

7.එක්සත් මාධ්‍ය සංසදය

8.නිදහස සදහා මාධ්‍යවේදියෝ

09තරුණ ජනමාධ්‍යවේදින්ගේ සංගමය.

10.තරුණ ක්‍රිස්තියානි ජනමාධ්‍යවේදින්ගේ සංගමය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article