spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සීදුවේ ගින්න ගැන පරික්ෂණයක් ඕනා !

Must read

FB_IMG_1582298756349සීදුව ප්‍රදේශයේ කඩොලාන පද්ධතියක් ආශ්‍රිතව (20) ඇතිවූ ගින්න සැක සහිත බැවින් එය හටගත් ආකාරය සොයා බැලීම සඳහා පරීක්‍ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්‍ෂ පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය.

මෙම ගින්න ඇතිවූයේ ගම්පහ දිස්ත්‍රික් අඩවි නිලධාරී දේවානි ජයතිලක මහත්මිය විසින් බේරා ගැනීමට සටන් කරන කඩොලාන පද්ධතියේම වීම නිසා එය කිසිවකු විසින් සැලසුම් සහගතව සිදුකළැයි ද යන්න ගැන සැකයක් ඇතිවන බව මන්ත්‍රිවරයා කීවේය.

එබැවින් කඩිනම් පරීක්‍ෂණයක් සිදුකර මෙය කිසිවකු විසින් සැලසුම් සහගතව සිදුකර ඇත් නම් දැඩි දඬුවම් ලබාදෙන්නැයි තමන් ඉල්ලා සිටින බව ද ආශු මාරසිංහ මහතා සඳහන් කළේය.

මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ කොළඹ, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී ඊයේ (21) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම කඩොලාන පද්ධතියට විවිධ දේශපාලනඥයන්ගේ බලපෑමෙන් කාලයක් තිස්සේ අපද්‍රව්‍ය බැහැර කිරීම ද කණාගාටුවට කරුණක් බව කී මන්ත්‍රිවරයා දැන් හෝ එම වරද නිවැරදි විය යුතු බව ද ප්‍රකාශ කළේය.

ගින්නෙන් කඩොලානට හානියක් නෑ – බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරිය

කෙසේ වෙතත් ගින්නෙන් කිසිඳු ආකාරයකින් එහි කඩොලාන පද්ධතියට හානි සිදු වී නොමැති බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර සීතා අරඹෙපොල මහත්මිය පවසයි.

ඒ මහත්මිය ප්‍රකාශ කරන්නේ කඩොලාන පද්ධතියට හානි වු බවට අසත්‍ය ප්‍රචාර ප්‍රචාරය වන බවයි.

කඩොලාන පද්ධතිය සහිත ප්‍රදේශයට මෙම ගින්න පැතිරීමට කිසිදු ඉඩක් ලබා නොදුන් බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ..

පරිසරවේදින්ගේ විරෝධය

මේ අතර පරිසරවේදින් සහ සමාජ ක්‍රියාකාරින් සමාජ මාධ්‍යයද භාවිතා කරමින් සංවේදි පරිසර කලාපයක පවත්වාගෙන යනු ලබන මේ කසල අංගනයට දැනටමත් දැඩි විරෝධයක් එල්ල කරමින් තිබේ.පරිසර යුක්ති කේන්ද්‍රය කියා සිටින්නේ මේ ස්ථානයට කසල බැහැර නොකළ යුතු බවට සීදුව නගර සභාව ඇතුළු අදාල බලධාරින් වෙත අවස්ථා ගණනාවකදිම දැනුම් දි ඇති බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article