spot_img
spot_img
Sunday, June 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සුනඛයෙකු වෙඩි තබා ඝාතනය කළ පැන්ෂන් ගිය SP ක්ලෙමන්ට්ට විරුද්ධව වාසුගෙන් පොලිස්පතිට පැමිණිල්ලක් !

Must read

වාසුමීගමුවේ පෙරියමුල්ල ශා. අන්තෝනි පාරේ අංක 70 දරන නිවසේ පදිංචි විශ්‍රාමික පොලිස් අධිකාරිවරයෙකු වන ක්ලෙමන්ට් ප්‍රනාන්දුට එරෙහිව ඊයේ දිනයේ රටේම විරෝධය එල්ල වි තිබුනේ වෙසක් පෝය දිනයේ සුරතල් සුනඛයෙකු වෙඩි තබා කළ ඝාතනය තිරිසන් ක්‍රියාවක් ලෙස හඩ නගමිනි.
ඊයේ දිනයේ මාධ්‍ය විසින් මෙම සිදුවිම වාර්ථා කිරිමෙන් අනතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත විරෝධයක් ක්ලෙමන්ට් ප්‍රනාන්දු හට එල්ල වෙමින් තිබේ.
මේ අතර ඇමති වාසුදේව නානායක්කාර විසින් සිය මුහුණු පොතෝ සටහනක් තබමින් කියා ඇත්තේ මේ හිටපු පොලිස් අධිකාරිවරයාට එරෙහිව පොලිස්පතිට පැමිණිලි කළ බවයි.
කෙසේ වෙතත් විශ්‍රාමික පොලිස් නිලධාරියා විසින් කරන්නට යෙදුන කොයිතරම් නම් ම්ලේජ්ච වුවද ඊයේ දිනයේ ඔහු ඇප ලබා යළිත් සිය නිවසට පැමිණ තිබේ.
නඩු වාරය යෙදි ඇත්තේ මැයි 18 වෙනිද දිනටය.
සතෙකු මැරිමට වුවද තුවක්කුවක් භාවිතා කර ඇති ක්ලේමන්ට් එරෙහිව පොලිසිය කටයුතු කරන ආකාරය ගැන දැන් රටම බලාගෙන සිටි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article