පෙරියමුල්ල ගමට අනතුරක් ? බල්ලන්ටත් වෙඩි තබා ඝාතනය කරන තුවක්කරුවෙක් ඔබේ ගමේ ??????

0
232
විශ්‍රාමික පොලිස් නිළධාරියාගේ නිවස
විශ්‍රාමික පොලිස් නිළධාරියාගේ නිවස

dav

 

( 6.45 am ) බ්‍රිටෝ කියන්නේ මේ රටේ අයිතිවාසිකම් වෙනුවෙන් බය නැතුව ප්‍රසිද්ධියේ අරගල කරන්න අපටත් උගන්නපු නායකයෙක්. මේ රටට අලුත් අරගල සංස්කෘතියක් බිහිකරන්නට දායක වු පෙර ගමන්කරුවෙක්.
අද පෙරියමුල්ල ගමේ බ්‍රිටෝලාගේ ගෙවල් වලට ගෙවල් පහකට එහායින් තියෙන ගෙදර ඉන්න විශ්‍රාමික පොලිස් ලොක්කෙක් බ්‍රිටෝ සුරතලාව වෙඩි තියලා ඝාතනය කරනවා.
ආදරයෙන් ඇතිදැඩිකළ මැක්ස්ට වෙඩි තබා ඝාතනය කළ ඒ මිනිමරුවා පිළිබදව නොසන්සිදෙන වෛරය එසේම තිබියදි බ්‍රිටෝ ඊයේ  උදේ මාධ්‍ය හමුවේත් පොලිසිය හමුවේත් ඇහැව්වේ ඉතාමත් වැදගත් ප්‍රශ්ණයක් .
මේ පාරේ තුවක්කුවක් තියන් ඉන්න මිනිහෙක් ඉන්නවා එයා තමයි බල්ලව මැරුවේ .
ඉතින් කාගෙද මේ තුවක්කුව .????
දැන් CCTV දර්ශනවල සටහන් වෙලා තියෙනවා කව්ද මේ තුවක්කු කාරයා කියල.
ඒ තුවක්කුකාරයා ඇප පිට දැන් ගෙදර .
නඩුව ආයෙත් මැයි 18 වෙනිදා .

ක්ලේමන්ට් ප්‍රනාන්දු ඇප ලබාපිටයැමට සැරසෙන අයුරු
ක්ලේමන්ට් ප්‍රනාන්දු ඇප ලබා පිටත්ව යැමට සැරසෙන අයුරු

මේ තුවක්කුකාරයට ඇප දෙන්න ඇවිත් හිටියෙත් කොන්ඩේ කොටට කපපු හැඩිදැඩි පිරිමි ටිකක් .
ඒ කොහොම වුනත් තමන්ව පාලනය කරගන්න බැරි, මිනිහෙක් තුවක්කුවකුත් එක්ක ගමක ඉන්නව නම් ඒක ඇත්තටම අනතුරක් .
අද පෙරියමුල්ල මුහුණ දෙන්න එහෙම අනතුරකට.
මොකද තමන්ගේ වත්තටවත් පැන්නේ නැති අහිංසක බල්ලෙක්ව වෙඩි තියල මරන්න පුලුවන් හිතක් කියන්නේ ඇත්තටම භායනක එකක්.
ඒකයි බ්‍රිටො මතුකරන අනතුරු…Max 8
මැක්ස් අපට අහිමි වුනා.
නමුත් අනතුරක් ඉතුරු වුනා.
ඒ හිතක් පපුවක් නැති තුවක්කුකාරයෙක් පෙරියමුල්ලේ ශා. අන්තෝනි පාරේ ඉන්නව කියන එක.
මේ තුවක්කුකාරයාගේ ගෙවල් වලට මිටර් 100 කට එහායින් ඉන්නේ රේල් පාර අයිනේ ගෙවල් හදාගෙන ඉන්නේ අන්ත අසරණයෝ ටිකක්.
මේ පෙට්ටි ගෙවල් අස්සේ පොඩි උන් පිරිල.
තුවක්කාරයාගේ වත්තේ අඹ ගස් කිපයක් තියෙනවා .මැක්සට වෙඩි තියන්න කලියෙන් උදෙත් මේ තුවක්කුකාරයා අඹ අහුලල තියෙනවා.
අපි මේ පොඩි උන්ව දැන් පරිස්සම් කරගන්න ඕනා.
තමන්ගේ වත්තටත් එන්නේ නැතිව පාරේ ගිය බල්ලෙක්කට වෙඩි තියපු මිනිහෙකුට අඹගහකට ගලක් ගහපු පොඩි එකෙක් ගැනත් තරහක් එන්න පුලුවන්.
අන්න ඒකයි බ්‍රිටෝ මතුකරන අනතුර..IMG_20200507_072218
මිගමුව පොලිසියේ මුල්ස්ථාන පොලිස් පරික්ෂක වුඩ්ලර් මහත්තයා ඊයේ   උදේ ඉදන්ම මේ සිදුවිමට මැදිහත් වෙලා මහන්සි වුණා.
දැන් ඒ මහත්තයාටත් තියෙන ඇත්ත අභියෝගය තමයි ඒ මහත්තයාගේ වසමේ ඉන්නවා නිකන් නෙමේ විශ්‍රාමික පොලිස් අධිකාරිවරියෙක් බල්ලෙකුටත් වෙඩි තියලා මැරුවා කියල චෝදනාවක් එල්ල වෙලා තියෙන.
ඉතින් ඒ කියන්නේ තුවක්කුරුවෙක්.????
මැයි 18 වෙනිදා නඩු දිනය…
මේ රටේ යුක්තිය අගයන කව්රුත් අද ඉදන් මේ අනතුරු ගැන අවදියෙන් සිටිය යුතු වෙනවා.
කොරෝනා මදිවට දැන් විනයක් නැති විශ්‍රාමික පොලිස් තුවක්කරුවෝ ..
ගෝඨා සර් ලේසි නෑ ගේම…??????