spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සුසන්තට අමතක ,තෙමෙන අපට මතක පීසා හට් බස් හෝල්ට් එක ??

Must read

30624341_2045780165464706_2016056733914365952_n

pitzsa-300x217(10.00 am ) වෙන්නප්පුවේ පීසා හට් එක ලග බස්නැවතුම වෙන්නප්පුව ප්‍රාදේශිය සභාපති සුසන්ත මහතා විසින්  ඉන් කඩා ඉවත් කර  එය ඇලබට් පිරිස් ක්‍රිඩාංගනය භූමියට ගෙන ගොස් දමා තිබුණේ මීට වසර ගණනාවකට පමණ ඉහතදිය.
ඒ පිසා හට් එක හොඳින් ප්‍රධාන පාරට පෙනෙන සේ එහි දෙවෙනි පිවිසුමට ඉඩසලසා දිම වෙනුවෙනි.
ඒ පිළිබඳව අප කළ විමසුමකට  2012 දෙසැම්බර් මාසයේ පිළිතුරු දුන් සභාපතිවරයා පවසා තිබුනේ හැකි ඉක්මනින් ඒ බස් නැවතුම ඊට මදක් නුදුරින් ස්ථාපනය කරන බවය.
හලාවත මාර්ග සංවර්ධන අධිකාරියේ ඉජිනේරුවරයාද අපට දැනුම් දි තිබුනේ එය නැවත ඉදිකිරිමේ වගකිම වෙන්නප්පුව ප්‍රාදේශිය සභාපති විසින් ඉටුකිරිමට නියමිත බවය.
මේ පිළිබඳව අප අවස්ථා කිපයකදිම ඔහුගෙන් විමසා සිටි අවස්ථාවාෙව්දි  පමණක් කලබල වන
මේ නිලධාරියා අපට පොරොන්දු වන්නේ වෙන්නප්පුවේ ප්‍රාදේශිය සභාවේ සභාපති සුසන්ත මහතා විසින් ඉටුකළ යුතු කටයුත්තක් බවය.
මේ දිනවල ඇති අධික අව්රශ්මියත්  හේතුවෙන් මේ ස්ථානයේ බසයක් එනතුරු සිටින මගින් හට  අවාරණයක් තවමත් නැත.
වෙන්නප්පුව සභාපතිවරයා‍ෙගේ මේ කඩවුන පොරොන්දුව ක්‍රියාත්මක කරන්නට තවත් කොපමණ කලක් ගතවේදැයිමේ මගියෝ අසති.
මේ අතර අප විසින් හලාවත මාර්ග සංවර්ධන අධිකාරියේ ඉජිනේරුවරයාගෙන් 2014 මැයි 28 අප විමසා සිටි අවස්ථාවේ පවසා සිටියේ පිසා හට් එක ලගින් ඉවත් කරන්නට යෙදුන බස්නැවතුම ලුණුවිල ප්‍රදේශයේ නැවත සවිකර තිබුන බවට  තොරුතුරු ලැබි ඇති බවය.
කෙසේ වෙතත් අදාල ඉජිනේරුවරයා පවසා සිටියේ හැකි ඉක්මනින් පිසා හට් එක අසල බස් නැවතුම ඒ ආසන්නයේ ඉදිකරන බවට වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ සභාපති වරයා තමන් වෙත පොරොන්දුවි ඇති බවය.
එහෙත් මේඑකදු පොරොන්දුවක් ක්‍රියාත්මක වුයේ නැත.
පසුව අප යළිත් 2015 ජනවාරි 12 වනදා මාර්ග සංවර්ධන අධිකාරියේ ඉජිනේරුවරයා වෙත කථා කළ අවස්ථාවේ ඔහු දිර්ඝ විස්තරයක් කරමින් පවසා සිටියේ මේ බස්නැවතුම නැවත  සවි කිරීමට
ඒ ප්‍රදේශයේ තැනක් සොයාගත නොහැකි බවය. ඉන් කියැවෙන්නේ  වෙන්නප්පුව ප්‍රදේශිය සභා මන්ත්‍රි සුසන්ත මහතාගේ මිතුරාගේ ගොඩනැගිල්ලේ ඇති පිට්සා කඩයට ඉඩ දිම සදහා ඉවත් කළ බස් නැවතුම යළිත් කිසි දිනක ඉදිනොකෙරන බවය.
දැන් යළිත් සුසන්න මහතා වෙන්නප්පුව ප්‍රාදේශිය සභාෙව් සභාපතිය.
බාර් පාලනය ගැන පමණක් දන්නා දේශපාලකයන්ට නගරයක් පාලනය කළ නොහැකි වග කලින් පාලන කාලය තුළ ඔප්පු කර තිබුණේ කිසිවෙකුත් අත නොගැසූ වෙන්නප්පුවේ වැවට ද  අත ගසමිනි.   ව්‍යාපාරික මිතුරන්ට පළමුව සලකන නගර වාසීන්ට දෙවනුව සලකන සුසන්තගේ  දෙවෙනි ගමන දැන් ආරම්භ වී තිඛේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article