spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සුළු ධිවරයන් අල්ලන මාළු අලෙවි කරගැනිමට නව වැඩපිළිවෙලක් !

Must read

මහා තෙප්පම් - මීගමුව කලපුව

රට මුහුණ දි ඇති අර්බුදය හමුවේ විවිධ ක්ෂේත්‍රවල ජනයා සිය අදායම් මාර්ග අහිමිව බරපතල ජිවන අර්බුදයකට මැදිව සිටිති. විශේෂයෙන්ම මේ වන විට සුළු ධිවරයන් කබලලෙන් ලිපට වැටුන ධිවර ජන කොටසක් බවට පත්ව සිටිති.
මේ අය අතර කලපු ධිවරයන්, පොඩි බෝට්ටු ධිවරයන් , රුවල් ඔරු ධිවරයන් සහ තෙප්පම් ධිවරයෝද වෙති.
මේ අයට මාළු ඇල්ලිමට යාමට අවසරය හිමිව තිබුණද එසේ අල්ලනු ලබන මාළු අලෙවි කරගැනිමට දැනට කිසිදු වැඩපිළිවෙලක් නැති කම හමුවේ බොහෝ දෙනෙකු රැකියාවේ නිරතවිම අතහැර සිටිති.
එහෙත් දැන් මේ අයට මාළු අලෙවි කරගැනිමට ඇති හැකියාවක් ගැන ධිවර කාර්යාලය පවසා සිටි.
එනම් සමිති මගින් ඉල්ලිමක් කරන්නේ නම් ඒ අය විසින් අල්ලන මාළු ඒ අයටම අලෙවි කරගැනිමට අවැසි වැඩපිළිවෙලක් හදා දිමට හැකි බව  ධිවරය කාර්යාලය විසින් පවසා තිබේ.තෙප්පම් meril-තෙප්පම් ධිවරයා
නිදසුනක් ලෙසින් වැල්ලවිදියේ තෙප්පම් ධිවරය සමිතිය සිය මත්‍යස්‍ය අස්වැන්න අලෙවි කරගැනිමට ධිවරය කාර්යාලයෙන් අවසරය ඉල්ලන්නේ නම් ඒ අයටම මිගමුව තුල නිවෙස් ගානේ ගොස් එසේ කරගැනිමට ඉඩකඩ ලැබෙන අයුරින් වැඩපිළිවෙලක් සකසා ගැනිමට හැකිවනු ඇත.
එලෙසින්ම ඔරු ධිවරයන්ට මෙන්ම කලපු ධිවරයන්ට මේ අනුව යම් සහනයක් හිමිවනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article