spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අයවැයෙන් අනුමත සහනාධාරය අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ටත් ලබා දෙන්න (VIDEO)

Must read

email sharing buttonsharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
කොරෝනා ව්‍යසනය හමුවේ දිළිදු ජනයාට සහන ලබා දීමට විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය ගන්නා උත්සාහය ඇගයීමට ලක් කරනමෙරට ප්‍රමුඛ මානව හිමිකම් ක්‍රියාධරයෙක් රජයේ හෝ විපක්ෂයේ අවධානයට යොමු නොවු තවත් පීඩිතයන් කණ්ඩායමක් සඳහා ද සහන සලසන ලෙස ඉල්ලා සිටී.

රජය විසින් ජනතාවට ලබා දෙන මාසික දීමනා කිහිපයක් අප්‍රේල් හය සඳුදා දින ඒ ඒ ප්‍රදේශවල ග්‍රාම නිලධාරීන් විසින් තම  නිවසටම ගෙනවිත් භාරදෙනු ඇති බවට විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් ප්‍රකාශ කර දිනක් ගත වන විට වීඩියෝ පටයක් ඔස්සේ මානව හිමිකම් ක්‍රියාධර බ්‍රිටෝ ප්‍රනාන්දු පෙන්වා දී ඇත්තේ අතුරුදහන් වුවන්ගේ පවුල් පිළිබදව රජය මීට වඩා අවධානයක් යොමු කළ යුතු  බවයි.

 

”2019 අප්‍රේල් අයවැයෙන් රු. 6,000/= බැගින් ගෙවීමට මිලියන 500 ක් වෙන්කර තිබුණා”

2019 අප්‍රේල් මාසයේ දී සම්මත කරගත් අයවැයෙන් අතුරුදහන් වුවන්ගේ පවුල් සදහා මාසිකව  රුපියල් හය දහස බැගින් ගෙවීමට රුපියල් මිලියන 500 ක් වෙන් කළ බව පෙන්වා දෙන අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී, ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂයේ අවධානයට යොමු කර ඇත්තේ පසුගිය රජයෙන් මෙන්ම වත්මන් රජය විසින් ද එහි ප්‍රතිලාභ ලබා දී ඇත්තේ පවුල් 500 ත් අඩු ප්‍රමාණයකට බවයි.

අතුරුදහන්ව සිටින සිය සමීපතමයා දක්නට නොමැති බව සඳහන් සහතිකයක් හෝ  මරණ සහතිකයේ මරණයට හේතුව අතුරුදහන් වීමක් ලෙස සදහන් කර ඇති ලියවිල්ලක් සහිත උතුරේ මෙන්ම දකුණේ පවුල් වල සාමාජිකයන් සදහාද එම දීමනාව ගෙවිය යුතු බවට තීරණය කර තිබු බව ඔහු  පෙන්වා දෙයි.

රජයෙන් දිළිදු ජනයාට ලබාදෙන සමෘධි සහනාධාරය හෝ වෙනත් කිසිදු සහනාධාරයක් නොලැබෙන අතුරුදහන් වුවන්ගේ පවුල් රාශියක් සිටින බව පෙන්වා දෙන බ්‍රිටෝ ප්‍රනාන්දු, බැසිල් රාජපක්ෂගෙන් ඉල්ලා ඇත්තේ අසරණව සිටින එම පවුල් සදහා රුපියල් 6000 ක මාසික දීමනාව කඩිනමින් ලබා දෙන ලෙසයි.

 

රනිල් හෝ සජිත් ඉල්ලීමක් කර නැහැ !

විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ මාධ්‍ය සම්බන්ධීකරණ ප්‍රධානී මහාචාර්ය චරිත හේරත් ගේ අත්සනින් යුතුව  2020 අප්‍රේල් 5 දින නිකුත් කර තිබු නිවේදනයක සදහන්ව තිබුනේ, වැඩිහිටි දීමනාව, වයස අවුරුදු 100 ට වඩා වැඩිහිටියන් සදහා වු දීමනාව ආබාධිත දීමනාව, වකුගඩු දීමනාව, අප්‍රේල් 6 දින අදාල පුද්ගලයන්ගේ නිවසටම ලැබීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබෙන බවයි.

ගොවි විශ්‍රාම  වැටුප සහ ධීවර විශ්‍රාම වැටුප ගෙවීම් ගොවිජන සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් සහ කෘෂිකර්ම පර්යේෂණ නිශ්පාදන සහකාර නිලධාරීන් විසින් සම්බන්ධිකරණය කරනු ඇති බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්ව තිබුනි.   ශ්‍රී ලංකාවේ ප්‍රධාන විපක්ෂය නියෝජනය කරන රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය සහ සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය රජයේ ප්‍රධානීන් හමුවී කොරෝනා සමයේ විවිධ සහන සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබුනත් අතුරුදහන් වුවන්ගේ පවුල් සම්බන්ධයෙන් කිසිදු ඉල්ලීමක් කළ බවක් දැනගන්නට නැත.


theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article