spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සේවක ජිවිත අවදානමේ හෙළමින් වෙළද කලාප වැඩ ! හේතුව ජනපතිගේ නියෝගයක් ?

Must read

FTZජනාධිපතිවරයා විසින් යුද හමුදාපතිවරයාට දැන් ලබා දී ඇති මෙම නියෝගය අනුව අපනයන ඉලක්ක කර ගත් සියළුම කර්මාන්තශාලා ක්‍රියාත්මක කළ යුතු වේ.

ඒ අනුව කොළඹ ගම්පහ කළුතර දිස්ත්‍රික්ක වලත්, සියළුම අපනයන කලාප වලත් ඇති විවිධාකාරයේ අපනයන කර්මාන්තශාලා වල සේවක සේවිකාවන් ලක්ෂ ගණනකට corona උවදුරනොසලකා සේවයට පැමිණීමට සිදුවේ.

රටේ ආර්ථිකය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වන බව පැහැදිලි නමුත් corona උවදුර මර්දනය කිරීමට චීනය ඇතුළු රටවල් විශාල ප්‍රමාණයක් ජනතාව ඒකරාශි වීම වැළැක්වීම මුල් කරගෙන කටයුතු කරයි.

ඒ සඳහා ආර්ථිකයට වඩා ජනතාවගේ ආරක්ෂාව මුල්කර ගනිමින් මෙම ව්‍යසනය මැඩ පවත්වා නොගතහොත් ,ආර්ථිකය සහමුලින්ම විනාශ වීමට ඉඩ ඇති නිසා බොහෝ රටවල් අපනයන කර්මාන්ත ශාලා පමණක් නොව සියලුම ආකාරයේ කටයුතු නතර කර දමා තිබේ.

මෙම කර්මාන්ත ශාලාවල නිෂ්පාදන ්‍රමවේද අනුව සේවක සේවිකාවන්ට corona වෛරසයෙන් බේරීම සඳහා අවශ්‍ය කරන දුර ප්‍රමාණය හෝ අනෙකුත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම කිසිවක් හරියාකාරව අනුගමනය කිරීමට නොහැකි බව අප කවුරුත් දන්නා කරුණකි.

ජනාධිපතිවරයා ගේ මෙම තීරණය රටේ සෞඛ්‍ය බලධාරීන් විසින් අනුමත කරන්නේද?

එමෙන්ම මෙම නියෝගය යුද හමුදාපතිවරයාට ලබාදීම මගින් ස්වේච්චාවෙන් තම කර්මාන්ත ශාලා වසා දමා සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව ගැන හිතන හිමිකරුවන්ට පවා අනියම් තර්ජනයක් නොවන්නේද?

වඩාත්ම සුදුසු ක්‍රමය වන්නේ දැනට corona රෝගීන් බහුලව වාර්තා වී තිබෙන බස්නාහිර පළාත ඇතුළු දිස්ත්‍රික්ක වල වත් සෞඛ්‍ය බලධාරීන්ගේ තීරණ අනුව රෝගය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම වෙනුවෙන් කළ හැකි සියල්ලම සිදු කිරීමයි.

අනිත් දිස්ත්‍රික්ක වල විශාල පිරිස් රැස් වන කර්මාන්ත පිළිබඳ තීරණ ගැනීම දිස්ත්‍රික් ලේකම්වරුන්ටත්, කර්මාන්ත හිමිකරුවන්ටත්, වෘත්තීය සමිති වලටත් ඉඩහැරීමයි.

ගරු ජනාධිපතිතුමනි, මෙතරම් විශාල සෞඛ්‍ය ගැටළුවකට හමුදාමය විසඳුම් නොමැති බවත්,

රටේ ආර්ථිකය ගොඩනගා ගත හැක්කේ මෙම ව්‍යසනය හැකි උපරිම ක්‍රියාමාර්ග මගින් මැඩ පැවැත්වීමෙන් පසුව බවත්,

එම නිසා අද දිනයේ දී මේ නිකුත් කර ඇති නියෝගය රට තුළ corona වසංගතය ව්‍යාප්ත වීමටත්, සේවක සේවිකාවන් ලක්ෂ ගණනකගෙ ජීවිත අනතුරට පත් කිරීමක් ලෙසත් අපි දකිමු.
(උපුටා ගැනිම- බිමල් රත්නායකගේ මුහුණු පොතෙනි )

GR letter

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article