spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හන්තාන මුදුනේ විවේකයට සුන්දර තැනක්

Must read

highland kandy (5)

මහනුවර කියන්නේ නිවාඩුව ගතකරන්න මරු තැනක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ.මහනුවර හන්තාන කඳු මුඳුන කියන්නේ විවේකය ගතකරන්න කියාපු තැනක්. හැබැයි ඉතිං කට්ටිය නුවර යනවා නම් නතරවෙන් මොකක හරි තැනක් හෙයාගන්නවා. ඒකත් ගොඩාක් වෙලවට කාගෙන් හරි අහලා තමයි ඉන්න තැනක් හොයාගන්නේ. ඒ නිසා තමයි “ඇවිදිමු “ අපි මේ වගේ සුන්දර තැන් ගැන තොරතුරු කියන්නේ.

මේ කියන්න හදන්නේ මහනුවර නවතින්න නියම තැනක් ගැන. kandy highland කියන මේ සුන්දර හෝටලේ තියෙන්නේ හන්තාන කන්ද උඩ. කාමර 10 කින් යුතු මේ හෝටලේ ඉඳලා බැලුවම මුළු මහනුවරම පේනවා හරි සුන්දර විදිහට.

highland kandy (13) highland kandy (12) highland kandy (4)

අළුතින් ඉදකරපු kandy highland හෝටලේ හැම මහලකටම තියෙනවා බැල්කනියක්. මේ බැල්කනි එකට ආවම පහළින් පේන මහනුවර නගරය , නුවර වැව, ඇතුළු සුන්දර පරිසරයක් දකින්න පුළුවන්. නිදහසේ ඉන්න කියාපු තැන.ඒ වගේම භාවනා කරනවා වගේ දෙයක් කරන්න, යෝග ව්‍යායාම කරන්න මෙතෙන හොඳට ඉඩ තියෙනවා. ඒ වගේම තමයි මේ හෝටලේ ඉහළම මහලේ ඉඳලා ත්‍රිපිටකය පරිශිලනය කරන්න වෙනම අවස්ථාව තියෙනවා.

දැවමය ගෘහ භාණ්ඩ, දර්ශනීය පරිසරය , මේ හැම එකක් නිසාම මේ හෝටලේට ලැබිලා තියෙන්නේ අතිශය සුන්දර පෙනුමක්. ඒ වගේම තමයි මිත්‍රශිලි කාර්ය මණ්ඩලය සහ රසබර ආහාර පාන මේ සියල්ලකින්ම මේ kandy highland සමන්විත වෙනවා.

highland kandy (11) highland kandy (6)highland kandy (7)

ඊළග නිවාඩුවට යනවා නම් මේක නියම තැනක්. නුවර ගිහිල්ලා දළදා වැඳලා, මල්වත්තේ ඇවිදලා, තව ලංකාතිලක ගඩලාදෙණිය වගේ තැන්වල ගිහිල්ලා, හන්තානේ තේ කෞතුකාගාරයත් බලලා එන්න ට්‍රිප් එකක් යන්න පුළුවන්. එහෙම ගියාම ඉන්න මෙතන මරු. මේ කාලේ වැටෙන්නේ off season. මේ නිසා සාමාන්‍යයෙන් Bed and Breakfast එක්ක රුපියල් 9000 ක වගේ ගාණකට මේ කාලේ Double room එකක් ගන්න පුළුවන්.

එහෙම වෙන්කරගන්නවා නම් කථා කරන්න 0773596161 දුරකතන අංකයට.

ඊළග සති අන්තයේ නුවර ගිහිං විනෝද වෙලා එන්න. ගිහිං ඇවිත් අපිටත් විස්තර කියන්න

www.awidimu.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article