spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හරාකිරි සජිත් පිල !

Must read

FB_IMG_1575684699518සජිත් පිල කවදත් යුඑන්පියේ බෙදීම් හැදුවේය . අතීතයේ දවසක එම පිරිස් සිරිකොතට ගල් ගසන තරමට එය උග්‍ර කළහ

ඉකුත් ජනාධිපතිවරණය ආසන්න වන විට යලිත් පරණ සෙල්ලම් එම පිරිස ඇරඹුහ. පක්ෂය තීන්දුවක් නොගෙන තිබියදී ජනාධිපති වරණයට ඔහු ඉදිරිපත් කිරීමට ඔවුහු ක්‍රියා කළහ . ඔවුන්ගේ හිතුවක්කාර ක්‍රියාව නිසා යලිත් යුඑන්පිය දෙකට බෙදී ඇති බව රටම දැනගත්හ මේ නිසා පිලකට නැති බොහෝ පිරිස් පොහොට්ටුවට චන්දය දීමට තීරණය කළහ

පක්ෂය දෙකට බෙදීම වැලක්වීමට රනිල් සජිත්ට ජනාධිපති අපේක්ෂකත්වය දීමට යෝජනා කළේය

චන්දයෙන් පැරදුනු පසු සජිත් පිලේ අය ඊළඟට පොරකන්නට පටන් ගත්තේ සජිත්ට විපක්ෂ නායකත්වය දෙන ලෙස ඉල්ලමිනි.

පක්ෂය සමගිව තබා ගත යුතු බැවින් සජිත්ට විපක්ෂ නායකත්වය දීමට රනිල් යෝජනා කළේය

දැන් තවත් පොරයක් ඔවුන් අරඹා ඇත. ඒ විපක්ෂ නායකත්වය ඔහුට දුන් බවට කතානායක ප්‍රකාශයක් කිරීම ප්‍රමාද වීම ගැනය .

කථානායකට එම ප්‍රකාශය කල හැක්කේ යලි පාර්ලිමෙන්තුව රැස්වූ විටය .පාර්ලිමේන්තුව යලි රැස්වෙන්නේ ජනවාරි තුනය .ජනවාරි 3 ජනාධිපති විසින් ප්‍රතිපත්ති ප්‍රකාශය කිරීමෙන් පසු පාර්ලිමේන්තුව යලිත් කල් දමනු ඇතැයි ද සජිත් පිල දැන් කියන්නට පටන් ගෙන තිබේ ඒ නිසා සජිත් විපක්ෂ නායකයා කිරීම තවත් කල් දමමින් සිටින්නේයැයි කියති

සිරස රුපවාහිනිය අතින් කටින් පෙට්‍රල් දමමින් ගිණිතබමින් සිටි .

සජිත් පිල පැරදුනු චන්දයෙන් වත් කිසිම පාඩමක් ඉගෙන ගෙන නැත . කොහොමත් අති පණ්ඩිතයන් එසේය

මේ පණ්ඩිත රාලලා සහ සිරස එකතු වී කරන්නේ ,මහමැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණට ලැබෙන්නට තිබෙන චන්දත් අහිමි කිරීමය

රාජපක්ෂලා යලි බලයට ආවේ 2015 පරාජයෙන් පසුව බෙදෙන්නේ නැතිව වඩාත් සමගියෙන් කටයුතු කිරීම නිසා බව නොදන්නේ සජිත් පිලේ උන්දලා විතරය .
එක්සත් ජාතික පක්ෂය විනාශ වන තරමට පොහොට්ටුව සතුටු වෙන බව අමුතුවෙන් කිව යුතු නැත

පක්ෂයේ සිටින දෙපැත්තම තම මරි මෝඩ ක්‍රියා දිගින් දිගට කරගෙන යාමෙන් සිදුවන්නේ ශ්‍රීලනිපයේ ඉරණම යම් දිනක එජාපයටද අත්වීමය .

මෝඩයෙක් නායකත්වයට පත්වුවහොත් සිදුවන දෙය ඩාලි පාරේ ගිය විට දැකිය හැක…..
Bertie Ranaweerage

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article