spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හැත්තෑවේ දාංගලයා – කලං ජීවිතය එළියට දාන්නේ 20 වැනිදා

Must read

ලාංකේය සිනමාවේ නළු භූමිකාව උඩි යටිකුරු කරමින් හැත්තෑව දශකයේ සැබෑ තාරුණ්‍යයට නව අරුතක් දෙමින් මතුවූ සුවිශේෂම රංගන ශිල්පියා අමරසිරි කලංසූරියයි.

එදා ප්‍රධන නළුවකු වන්නට නම් පියරු බබෙකු බඳු සුකුමාර පෙම්වත් මුහුණක් ,රැළි කොණ්ඩයක්, ගිනිකූරු රැවුලක් අවශ්‍ය යයි   සම්මතයක් පැවතියද ඒ සම්මතය බිඳ දැමූ අවුල් වූ කොණ්ඩයක්, භද්‍ර යෞවනත්වය උතුරා ගිය මුහුණත් සහිත කළු කමිසයක් සහ ඩෙනිමකින් නිතර සැරසී සිටි කලං ‘අහස්ගව්ව’ චිත්‍රපටයෙහිලා මුසු කළ රංගනය හැත්තෑව දශකයේ සැබෑ තරුණයකුගේ ප්‍රතිමූර්තියක් බඳුය.

ඒ තරුණයා රංගනයට මුසු කළේ තමාගේ සැබෑම ජීවිතයේ කටුක අත්දැකීම්ය. ඔහුගේ මුහුණේ නැඟුණු සිනහව සහ දෑසේ නැඟුණු සිනහව එදා තාරුණ්‍යයේ ප්‍රාර්ථනා සංකේතවත් කරවන්නක් විය. එබැවින් එදා තරුණයා චිත්‍රපටවල විවිධ චරිතවල කලංගේ රංගනය සමඟ සාධාරණී කරණය වූයේ ඒ දෑසේ සිනහවේ ප්‍රාර්ථනා තුළ ශේෂ වූ අපේක්ෂා භංගත්වය තමන් තුළ දනවන්නට සමත් වූ බැවිනි.

‘රැයත් දවාලත්’ කෙටි චිත්‍රපටයෙන් සිනමාවට අත් පොත් තබන්නට පෙර කලං තරුණයකු වශයෙන් අත් දුටු වේදනා අප්‍රමාණය. ඒවා ඔහු සිහිපත් කළේ සංවේගය මුසු සතුටකිනි. කලංගේ රංග භූමිකාව සිසාරා පැතිරුණු ඒ සංවේදනයන් තවත් තරුණයකුට ජීවත් වීමේ බලාපොරොත්තු ඇති කරවන අත්දැකීම්ය. ඒ අත්දැකීම් නොවලහා ප්‍රකාශ කරමින් කලං තම ජීවිතය එළියට දමන්නට දැන් සූදානමින් සිටියි.

ඒ ‘දුක දිනූ දිවියක අමරණීය සැමරුම් – කලං’ නමැති චරිතාපදානය තුළිනි.

මෙය රසිකයින් බොහෝ කාලයක් මුළුල්ලේ ඉල්ලා සිටි කලං ගේ ජීවන අත්දැකීම් වල එකතුවකි.

කලංගේ මෙම අපූර්ව චරිතාපදානය සැප්තෑම්බර් 20දා සවස 6 ට BMICH   හි ‍කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන පරිශ්‍රයේදී එළිදැක්වෙන්නේ ප්‍රවීණ නළු සනත් ගුණතිලක ප්‍රමුඛ කලංගේ සමකාලීන නළු නිළියක් රැසකගේ සහභාගීත්වයෙනි.

‘දුක දිනූ දිවියක අමරණීය සැමරුම් – කලං’ කෘතිය එළිදැක්වීමේ උළෙලේ ප්‍රධාන දේශනය ‘හැත්තෑව දශකයේ දාංගලය’ මැයෙන් පවත්වනු ලබන්නේ ප්‍රවීණ සිනමා විචාරක ගුණසිරි සිල්වා විසිනි.

– ධම්මිකා අක්මිමන

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article