spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඕගොල්ලෝ අහලා නැති සමාගමකින් සිරා ෆෝන් 3ක් ම හදලා.

Must read

මේ සමාගම පිහිටලා තියෙන්නේ ජර්මනියේ. කාලෙකට ඉස්සර මේ සමාගම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ගෙවල් වල තියන ස්ථාවර දුරකථන නිෂ්පාදනය කරන්න. මේ සමාගම තමයි Gigaset (ගිගාසෙට්). මේ සමාගම නවතම පහසුකම් හා තාක්ෂණයෙන් යුත් ජංගම දුරකථන 3ක් ම වෙළඳපොළට හඳුන්වා දීමට සැරසෙනවා. මේ දුරකථන තුන තමයි Gigaset ME, Gigaset ME Pure සහ Gigaset ME Pro. Gigaset ME සහ Gigaset ME Pure දුරකථන දෙකේම අඟල් 5ක FullHD තිර දැකගන්න පුළුවන්. ඒ වගේම Gigaset ME Pro දුරකතනයේ අඟල් 5.5ක FullHD තිරයක් අපිට හම්බුවෙනවා.

ME සහ ME Pro දුරකථන දෙකම ක්‍රියාකරන්නේ Qualcomm’s octa-core Snapdragon 810 ප්‍රොසෙසරයක් සහ 3GB RAM එකක් සමගයි. ME Pure දුරකථනය ක්‍රියාකරන්නේ Snapdragon 615 සහ 2GB RAM එකක් සහිතවයි. මේ දුරකථන සියල්ලම Android 5.1 Lollipop සමඟ පණගැන්වෙන අතර Type C වර්ගයේ නවතම USB පොර්ට් එකකින් සමන්විතයි. ඒ නිසාම USB කේබල් එක ඕනෑම පැත්තකට සවිකිරීමේ හැකියාව ඔබට ලැබෙනවා. ME සහ ME Pro දුරකථන 32GB මතකයක් සහිත අතර ME Pure 16ගබ් මතකයකින් යුක්තයි. මේ ප්‍රමාණය මෙමරි කාඩ් ආධාරයෙන් වැඩිකරගන්නත් පුළුවන්.

මේ සෑම දුරකතනයකම 8MP ඉදිරිපස කැමරාවක් ඇති අතර ME හි 16MP පසුපස කැමරාවක් ද , ME Pure හි 13MP පසුපස කැමරාවක් ද ME Pro හි 20MP කැමරාවක් ද සවිකර තිබෙනවා. මේ සෑම කැමරා කාචයක් ම අංශක 120 wide-angle lens එකක් වන අතර FullHD වීඩියෝ පටිගත කිරීමේ හැකියාව ද ලබා දෙනවා.

මේ නව දුරකථන පෙළ යුරෝපයේ සහ චීනයේ දී එළඹෙන ශරත් ඍතුවේ දී (Autumn 2105) නිලවශයෙන් එලි දැක්වීමට බලාපොරොත්තු වෙනවා. ME Pure රුපියල් 39000.00 , ME රුපියල් 54000.00 සහ ME Pro රුපියල් 61000.00 යන මිලගණන් යටතේ අලෙවි වීමට නියමිතයි.

www.sira.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article