spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හැඳල කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයට එරෙහිව ජනතාව උසිගැන්වුයේ නිමල් ලංසාද ?

Must read

හැදල 10හැදල 6ඉතාලියේ සහ දකුණු කොරියාව තුල වේගයෙන් වර්ධනය වෙමින් යන කොරෝනා වෛරස් තත්වය හේතුවෙන් ඒ රටවලින් මෙරටට පැමිණිමට නියමිතව සිටින ශ්‍රිලාංකිකයන් දින 14 ක කාලයක් දක්වා රදවා තබාගැනිමට හැදල ලාදුරු රෝහල මේ වන රජය විසින් සුදානම් කරගෙන යමින් සිටි.
තතු එසේව තිබියදි එයට එරෙහිව හැදල ප්‍රදේශයේ ජනතාව ඊයේ විරෝධතාවයක් දක්වා තිබුණ අතර එ පිළිබදව මේ වන සමාජ මාධ්‍ය ඔස්සේද යම් විවේචන ඉදිරිපත් වෙමින් තිබේ.Screenshot_20200306_174637Screenshot_20200306_151400

Screenshot_20200306_142203
මේ අතර ඉතාලියේ සහ දකුණු කොරියාවේ ශ්‍රිලාංකිකයන්ද මේ ගැන සිය කලකිරිම ප්‍රකාශයට පක්කරමින් සිටිති.
මේ ජනයා මෙසේ විරෝධාතාවයන් සදහා උසිගන්වා එය කෙසේ හෝ නවත්වා දෙන බව කියමින් මනාප වැඩිකර ගැනිමට කටයුතු කර ඇති දේශපාලකයා නිමල් ලංසාද යන ප්‍රබල චෝදනාවක් මේ වන විට ඉල්ල වෙමින් තිබේ.Screenshot_20200306_151059

මෙම උද්ඝෝෂණ අවස්ථාවට එක්ව සිටි එකම දේශපාලකයා වු නිමල් ලංසා පවසා තිබුනේ හැදලට ලාදුරු රෝහල තුල කො⁣රෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට කිසිසෙත්ව ඉඩ නොදෙන බවත් එය නවතා දමන බවත්ය.

මේ අතර මේ නිරෝධායන මධ්‍යස්ථානය විද්‍යාත්මක පදනමකින් ක්‍රියාත්මක බවත් අවට කිසිවෙකුටවත් එයට බිය වියයුතු නැතිබවත් සෞඛ්‍ය බලධාරිහු ඉතා පැහැදිලි ලෙසම දැනටමත් ප්‍රකාශ කොට තිබේ.තතු එසේව තිබියදි නිමල් ලංසාගේ මේ අවිද්‍යාත්මක ප්‍රවේශය තවත් මෝඩ දේශපාලකයෙකුගේ  දැනුමේ තරම රටට කියා පෑ තවත් අවස්තාවක් වි තිබේ.
විශේෂයෙන්ම මිගමුව සහ අවට ප්‍රදේශවල අයගෙන් නිමල් ලංසා වෙත මේ කරුණ අරභයා  ප්‍රබල විරෝධයක් ඉදිරියේදි මතුවිමට නියමිත අතර ඉතාලියේ සහ දකුණු කොරියාවේ සිටින මිපුර වෙබ් අඩවියේ පාඨකයන් පවා අවධාරණය කර සිටියේ තමන්ගේ පවුල්වල මෙන්ම ඥාතින් හරහාද ලංසාට එරෙහිව ඉදිරි මැතිවරණයේදි කටයුතු කිරිමට සැලැසුම් කරමින් සිටින බවය.

⁣මේ අතර මිලානෝ නුවර වෙසෙන වෙබ් මාධ්‍යවේදියෙකු වු ලක්දේස් පහත සටහන ඔහුගේ මුහුණු පොතේ තබා තිබුණි.

කොරෝනා වෛරසය පැතිරී ඇති රටවල සිටින ශ්‍රී ලාංකීක ජනතාව, ශ්‍රී ලංකාවට ගෙන ඒමට විරුද්දව නිමල් ලන්සාගේ ගෝලයන් පාරට බසී. උන් පවසන්නේ විදේශ ගත ශ්‍රී ලාංකික ජනතව වත්තල නිරෝධායන මධ්‍යස්ථානයට ගේන්නට ඉඩ නොදේන බවයි.එම විරෝධතා කරුවන් අතරට ගොස් නිමල් ලන්සා පොරොන්දු වන්නේ එම ස්ථානයට කොරෝනා වෛරසය පැතීරී තිබෙන රට වල සිටින ශ්‍රී ලාංකීක ජනතාව ඒමට ඉඩ ලබා නොදෙන බවයි.

විදේශ ගත ජනතාවගේ විදේශ විනිමය මතින් යැපෙන ශ්‍රී ලංකාව විදේශ විනිමය උපයන රට වල දුක් වින්දින ජනතාව අසරණ වූ විට ඒ ජනතාව ශ්‍රී ලංකාවට අවශය නැති බව වත්මන් රජයේ ගෝලයන් ප්‍රකාශ කරන බවයි.

විදේශ විනිමය මට යැපෙන ලංකාවේ සිටින අවස්තා වාදී ජනතාව සහ අවස්තා වාදී පාලකයන්ගේ කෙරුවාව දැන් විවර වී තිබේ.විදේශ ගත ජනතාවත් ශ්‍රී ලාංකිකයන් මිස වෙනත් රටවල පුරවැසියන් නොවේ.මව් රටට එන්න එම ජනතාවට අයිතියක් ඇත.එය වැලැක් වීමට කිසිවකුට හැකියාවක් නැත.කැළණී ගංග දෙබෑ කර නාග ලෝකයෙන් ධාතු වැඩම කල බව කියා බුදු දහම පවා විකුනන් කාපු උන් දැන් කොරෝනා වෛරසයට මැදී වී සිටින බියෙන් ජිවත් වන විදේශ රට වල ජනතාව ජන්දය සදහා පාවිච්චී කිරිම කොතරම් පහත් ක්‍රියාවක් ද.වැඩ බැරි ජනතාව වහලුන් කර සිටින මෙම තක්කඩි දේශපාලුවන් දෙපාරක් නොසිතා ගෙදර යැවිය යුතු නොවේද..? Screenshot_20200306_142308

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article