spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

”හිරු මෙගා බ්ලාස්ට්” එකේ පිට්ටනි ආදායමත් දායන් ලංසාගේ සාක්කුවටද ?

Must read

hiru megaකඩොල් කැලේ පිට්ටනිය අයත් වන්නේ මීගමුව මහනග සභාවටය. එය විධිමත් ක්‍රිඩාංගනයක් ලෙසින් ස්ථාපිත කරනු ලැබුවේ මීගමුව එක්සත් ජාතික පක්ෂ නාගරාධිපතිවරයෙකු ලෙස සිටි නිතිඥ සරත්චන්ද්‍ර ගුණරත්න මහතාගේ සමයේදිය.
ඉන් අනතුරුව නිමල් ලංසා නගරාධිපතිවරයා බවට පත්විමත් සමගින් නගරයේ අනිකුත් සම්පත් මෙන්ම කඩොල් කැලේ පිට්ටනියද සිය හිතවතුන්ට සිතු ලෙසින් මුදල් උපයා ගැනිමට ලබාදුන්නේය.
කඩොල් කැලේ පිට්ටනිය තමන්ගේ හොදම ව්‍යාපාරික හිතවතෙකු වු ඩන්ස්ටන් ගොළු හේවා එවකට සභාපතිත්වය දෑරු ජුපිටර්ස් ක්‍රිඩා සමාජය වෙත පැවරුණි.
ටෙන්ඩර් කොන්දේසි අනුව නම් කඩොල් කැලෙ පිට්ටනිය යළිත් නගර සභා පාලනයට නිතැතින්ම අයත් විය යුතු වුවත් එය කවදාවත් සිදුවුයේ නැත.ඩන්ස්ටන් ගොළු හේවාගෙන් පසු ජුපිටර්ස් හි සභාපතිත්වය නාගරික මන්ත්‍රි දායන් ලංසා වෙත හිමිවිය.
එතැන් පටන් කඩොල් කැලේ පිට්ටනියේ අදායම හිමිවන්නේ දායන් ලංසලාටය.
එය යළිත් නගර  සභාවට ගැනිමට සටන් කළ කපිල නන්ද සුලෝචන නාගරික මන්ත්‍රිවරයා අවසන් වශයෙන් නැවතුනේ ඇමති නිමල් ලංසා ලගය.
වත්මන් නගරාධිපතිවරයාද ලංසා පවුලට ඇති බය නිසාදෝ ජනතාවට හිමි පොදු දේපල යළිත් නගර සභාවට අයිතිකරගන්නට ඇත්ත මහන්සියක් ගන්නා පාටක් නම් නැත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article