spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හොරා අල්ලගත්ත පොලීසියට ලොරිය සොයාගැනීමට නොහැකි වුණේ ඇයි ?

Must read

ජුලී මස 10 දින මීගමුව රීගල් හාඩ්වේයාර් ආයතනයට අයත් ලොරි රථයක් එහි සේවය කල රියදුරු විසින් පැහැර ගැනීමේ සිදුවීමක් අප වෙබ් අඩවිය විසින් වාර්තා කරනු ලැබීය.
   මේ පිළිබඳව කළ පරීක්ෂණ වලදී රියදුරු විසින් මෙම ලොරි රථය හම්බන්තොට ප්‍රදේශයේ පුද්ගලයෙකුට අතර මග භාර දී  ඇති බව සොයා ගැනුණි.
එම පුද්ගලයා විසින් හම්බන්තොට නිවසකට රැගෙන ගොස් තිබෙන අතර පසුව එම නිවසේ තිබී ලොරි රථයට අයත්  ලියාපදිංචි සහිතික පත්‍රය හා ලියකියවිලි සොයාගත හැකිවිය.
   ලොරි රථය සොරාගත් පුද්ගලයා සොයා ගත් නොහැකිව තිබුනු අතර එම නිවසෙහි සිටි ඔහුගේ පියාව පසුගිය 21 දින මීගමුව උසාවියට ගෙන එන ලදි.
   අද දින ලොරි රථය සොරකම් කල පුද්ගලයා නීතිඥ මාර්ගයෙන් උසාවියට භාර වී ඇති අතර ඔහු විසින් පවසා ඇත්තේ තමාට ලොරි රථය ගෙනත් දුන් රියදුරු නොහදුනන බවයි.මේ වන විට තමා ලග ලොරි  රථයේ නැති බවත් එහි තිබූ සිමෙන්ති කොට්ට 600 ලබා දීමට ඔහු එකඟ වී ඇත. මෙම නඩුව කල් ගොස් ඇති බව වාර්තා වෙ.
 මෙම සිදුවීමට අදාළව සියලු සාක්ෂි සහිතව හොරු අල්ලාගෙන ඇති අතර ලොරි රථයේ ලියාපදිංචි ලියකියවිලිද සොයාගෙන ඇත. හොරු ඇල්ලූ නමුත් හොරකම් කල බඩු සොයාගත නොහැකිවූයේ කෙසේ දැයි ප්‍රශ්ණයකි. මෙම ලොරිය සොරකම් කල පුද්ගලයා හා රැගෙන ගිය රියදුරා වාහන සොරකම් රැසකට නම ගිය පුද්ගලයන් වේ. ඔවුන් විසින් වාහන සොරකම් කර කඩා  විකුණන  ජාවාරමක් ඇති බවද පොලීසියට තොරතුරු වාර්තා වී ඇති බව රීගල් හාඩ්වේයාර් අයිතිකරුගේ පවුලේ කෙනෙකු  අපවෙත පවසන ලදි.
   හිටපු නීතිය හා සාමය පොලීසිය පිළිබඳ ඇමතිවරයාද මේ සිදුවීම පිළිබඳ දැනුවත් බවද වාර්තා වන අතර සොරකමට ලක් වූ ලොරි රථයේ හිමිකරුද මීගමුව ප්‍රබල ඒජාප පාක්ෂිකයෙකි.

ඩිෂාන්ත පෙරේරා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article