spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හොර පාරෙන් හොර බිරියන් ඉතාලියට ගෙන්වන කොච්චිකඩේ රාජු

Must read

රාජේශ්  නැමැත්තා බලහත්කාරයෙන් ගෙන ගොස් ඇති කාරයද සමගින්
රාජේශ් නැමැත්තා බලහත්කාරයෙන් ගෙන ගොස් ඇති කාරයද සමගින්

කොච්චිකඩේ උඩංගාව ප්‍රදේශයේ පදිංචි රාජු නැමැත්තා ශ්‍රිලංකාවේදි නිති ප්‍රකාරව විවාහ වි තිබුණේ ඉතාලියේ සේවයේ නියුතු කාන්තාවක සමගය.
පසුව ඇය විසින් රු ලක්ෂ 20 ක් පමණ වැය කරමින් මේ පුද්ගලයාව මීට වසර 10 කට පමණ ඉහතදි ඉතාලියට ගෙන්වා ගෙන ඇත.
ඉතාලි භාෂාව පිළිබදව කිසිදු දැනුමක් නොමැති කම නිසා වසර ගණනාවක් තිස්සේ මේ පුද්ගලයාව නඩත්තු කර ඇත්තේද පෙර කි විවාහක කත විසිනි.
එපමණක් නොව කිසිදු ආර්ථික හව්හරණක් නැති තිදෙනෙකුගෙන් සමන්විත රාජේශ්ගේ උඩංගාවේ  පවුලේ සියලු දෙනාව නඩත්තු කරනු ලැබ ඇත්තේ ද ඇය විසිනි.
මේ සියළු කැප කිරිම් වලට පෙරළා අපුරු තැග්ගක් දෙන්නට රාජු නැමැත්තා කටයුතු කර ඇත.
ඒ FB එක ඔස්සේ දැනහදුනා ගත් මාතර ප්‍රදේශයේ කාන්තාවක්ව පසුගිය වසරේ ලංකාවට පැමිණි අවස්ථාවේදි විවාහ කරගෙන පසුව ඉතාලියේ නාපොලි නගරයේ සිට ක්‍රියාත්මක වන හොර වීසා හදන කල්ලියක් මගින් ලක්ෂ ගාණක් වැය කරමින් කෙසේ හෝ සිය FB පෙම්වතියව ඉතාලියට ගෙන්වා ගැනිමෙනි
කලින් විවාහ වූ කාන්තාව විසින් දිනකට පැය 10 ක් පමණ එක දිගට විවිධ නිවෙස්හි සේවය කරමින් මහත් වෙහෙසක් දරා ඉපයු මුදල් සියල්ල , ඉතාලියේ රැකියාවක් නොමැතිව සිටි මේ  පුද්ගලයාව නඩත්තු කරන්නට වැය කරන්නට සිදුව ඇති බවද සැලය.
පවුලේ පාවිච්චිය සදහා මිළට ගෙන තිබු   ෆියට් පුන්ටි වර්ගයේ මෝටර් රථයක්ද මේවන විට මේ පුද්ගලයා විසින් රැගෙන ගොස් ඇත.
තම FB බිරියද සමගින් රාජු නැමැත්තා මේ වන විට ඉතාලියේ බ්‍රේෂියා නගරයේ රහසිගතව ජිවත් වන අතර ඔහු පිළිබදව දැනටමත් ඉතාලි පොලිසිය වෙත වාර්ථා කර ඇතැයිද  සැලය.
රංජන් වර්ණකුලසුරිය -බ්‍රේෂියා -ඉතාලිය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article