spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය : “ශිෂ්ඨත්වයෙන් ම්ලේච්ඡත්වය කරා යාමට පාරුවක්”

Must read

email sharing buttonsharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
අධිකරණ අමාත්‍යවරයාගේ නියමය පරිදි ගැසට් කර තිබෙන විසි වන ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත රාජ්‍යකරණය ශිෂ්ඨත්වයෙන් මිලේච්ඡත්වය කරා

දක්කායෙන යාමට සැකසූ පාරුවක් බවට යහපාලන රජයේ හිටපු ආණ්ඩුකාරයකු විසින් හෙලා දැක තිබේ.

අගෝස්තු 3 බදාදා ගැසට් කර ඇති, 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය විග්‍රහය පැහැදිලි කරමින්  රජිත් කීර්ති තෙන්නකෝන් විසින් මාධ්‍යවේදීන් වෙත බෙදා ඇති සටහන මගින් පෙන්වා දී ඇත්තේ, එම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත මගින් ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය නොහැකි බවට වන කොටස ඉවත් කර ඇති බවයි.

එමෙන්ම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රටට දායාද කළ ස්වාධීන කොමිෂන් සභාවල බලය හැකිලීම සම්බන්ධයෙන් ද ඔහු අනතුරු අගවා තිබේ.

හිටපු ආණ්ඩුකාරයා දකින 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ දෝෂ කෙටියෙන් පහත පරිදි වේ.

  1.    ජනාධිපති මුක්තිය නැවත වරක් හදුන්වාදීම
  2.    ව්‍යවස්ථා සභාවේ සංයුතිය වෙනස් කර සිවිල් පුරවැසියන් ඉවතට
  3.    විගණන සේවා කොමිසම ඉවරයි.  නැවත විගණකාධිපති ධූරයට ස්ථාපනය වේ.
  4.    ප්‍රසම්පාදන කොමිෂන් සභාවට පත් කිරීම ව්‍යවස්ථා සභාව අහෝසියි
  5.    පොලිස්පති පත් කිරීම නැවතත් ජනපති අතට
  6.    නීතිපති පත් කිරීම නැවතත් සම්පූර්ණයෙන්ම ජනපති අතට
  7.    ඇමති මණ්ඩලයේ 30 සීමාව ඉවතට (කැමති ඇමතිවරු සංඛ්‍යාවක් පත් කිරිමේ බලය ජනපතිට)
  8.    රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු 40 සීමාව ඉවතට (ජනපතිට කැමති රාජ්‍ය/නියෝජ්‍ය ඇමති සංඛ්‍යාවක්)
  9.    පාර්ලිමේන්තුව රැස්වී අවුරුද්දකට පසු විසිරුවාහැරීමේ අවස්ථාව
  10.  හදිසි පනත් නැවතත් පාර්ලිමේන්තුවට ගෙන ඒමේ හැකියාව
  11.  මැතිවරණ කොමිෂන් සභාවේ කොන්ද කඩයි. (රාජ්‍ය නිලධාරීන්ට නියෝග නිකුත් කිරීමේ බලය සහිත 104 උ වගන්තිය ඉවතට)
  12.  ජනාධිතිවරයෙකු වීමට අවම වයස 35 සිට 30 දක්වා අඩු කෙරේ
  13. ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ වැඩ බැලීමේ පත්වීම් ජනාධිපති අභිමතයට
  14.  අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයින් ඉවත් කිරීමේ බලය ජනාධිපතිට
  15.  පොලිස් කොමිෂන් සභාවේ බලය අඩු කර ඇත
  16. 153 වගන්ති ඉවත් කිරීම – අතිශයින් විනාශකාරීවීම හා රාජ්‍ය නිලධාරීන්ට දේශපාලනඥයින් හා එක්ව සිතු සේ කටයුතු කිරීමේ හැකියාව ඇති කරයි.
  17. 91 (1) XIII ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය නොහැකි බවට වන කොටස ඉවත් කිරීම

    (theleader.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article