spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

2014 දී ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීම් 3164ක් ?

Must read

frustration2015 සැප්තැම්බර් 10 සියදිවි නසාගැනීම වැලැක්විමේ දිනයයි. සියදිවි නසාගැනීම යනු මානසික, සමාජයීය, ජීව විද්‍යාත්මක , සංස්කෘතිකමය හා පාරිසරික සාධකයන්ගේ බලපෑම සහිත සංකීර්ණ වූ ගැටළුවකි.
– වසරක් තුලදී දශලක්ෂයක පමණ ජනතාව සිය දිවි නසාගනිති, එනම් – තත්පර 40 කටම වරක් එක් සියදිවි නසා ගැනීමක් සිදුවේ.
– අවුරුදු 15-44 අතර වයස් කාණ්ඩවල මියයෑම් සඳහා වන මූලික හේතු තුනෙන් එකක් සියදිවි නසාගැනිම වන අතර, වයස 10-24 අතර කාණ්ඩයේ මරණ වලින් දෙවන හේතුවයි.
– සාමාන්‍යයෙන් සියදිවි නසාගැනිම බහුලව පවත්නේ වැඩිහිටි පිරිමි අය අතර වූව ද, දැන් එය තරුණ පරපුර අතර ද ශීඝ්‍රයෙන් සිදුවී ගෙන යයි.
– සියදිවි නසාගන්නවුන්ගෙන් 90% කට වඩා මරණය සිදුවන අවස්ථා‍වේදී මානසික ව්‍යාධියකින් පෙළුණවුන්ය.
– එයින්ද ඉතාම සුලබ මානසික රෝගය විෂාදය (Depression) වේ.
– වසර 2014 දී ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීම් 3164ක් වාර්තා වී ඇත.
– නිසි දැනුවත් කිරීම, සවන් දීම සහ සහය ලබාදිම තුලින් සියදිවි නසා ගැනීම වළක්වාගත හැකිය.
– සහය සඳහා අමතන්න:
ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0112 696666, 0112 692909 (දිනපතා පෙ.ව. 9.00 – රාත්‍රී 8.00)
CCC line – 1333
ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය – 0112 578234-7 (24×7)
මානසික සෞඛ්‍ය පිළිබඳ ජාතික සභාව (සහනය) – 0112 685960, 0115 350819 (සතියේ දිනවල පෙ.ව. 9.00 – ප.ව. 4.30)
– ප්‍රදීප් චන්දන 
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article