යාපනේ මිදි වලට හොඳ ඉල්ලුමක් ! තොග මිළ රු 200 යි !

0
318

මේ දිනවල ආර්ථික මාධ්‍යස්ථාන දින 2 බැගින් විවෘත කරමින් තිබේ. එළවළු තොගයට ගන්නා වෙළදුන් වෙනුවෙන් සහ අත්‍යවශ්‍ය රාජකාරි වල නිරත වන අයට සිය එළවළු අවශ්‍යතාවයන් මෙහිදි සපුරා ගතහැකි යැයි මාධ්‍ය හරහා අදාල බළධාරින් ප්‍රකාශ කර තිබුණි.

එහෙත් එළවළු සිල්ලරට විකුණන වෙළදුන් කියා සිටින්නේ අදාල පළාත් වල පොලිසිය විසින් පැමිණ සිමාසහිතව හෝ විවෘත තබාගෙන සිටින එළවළු කඩ පවා වසා දමන් ලෙස නියෝග දෙන බවයි.

ඒසේ නම් තොග වෙළදාමට ආර්ථික මධ්‍යස්ථාන ඇරගෙන ඉන්නේ මොන මගුලකටදැයි මේ සිල්ලර කඩ වෙළන්දෝ අසා සිටිති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද අලුයම හතරට විවෘත කිරීමත් සමග එළවළු ලැබීම අලෙවි වීම සහ මිල විශාල වශයෙන් පහත වැටෙමින් පැවැති බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති .පෙරදින එළවළු තොග විශාල වශයෙන් ලැබීමත් සමග දිවයිනේ නන් දෙසින් පැමිණි වෙළෙන්දන් එම එළවළු තොග රැගෙන යෑමත් සමග මෙදින ලැබෙන එළවළු සඳහා මිල පහත ගොස් ඇති බව ඔවුහු පවසන බව ලංකාදිප වෙබ් අඩවියද වාර්තා කොට තිබේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ පෙරදා අලෙවි වූ එළවළු තොග මිලට සාපේක්ෂව සියයට 40 කින් පමණ අඩු වීමක් දක්නට තිබේ .කෙසේ වෙතත් ආර්ථික මධ්‍යස්ථානය තුළ පලතුරු වර්ග වැඩි වශයෙන් මෙදින ලැබී තිබීම විශේෂත්වයකි.

කෙසෙල් සහ මිදි ඒ අතර වෙයි, යාපනය අර්ධධද්වීපයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වැඩිවශයෙන් මෙදින මිදි තොග ලැබී තිබීම විශේෂත්වයක් වන අතර හොඳ තත්වයේ පවතින මිදි කිලෝවක් රුපියල් 300 ක මිලකට අලෙවි වෙද්දී මධ්‍යම ප්‍රමාණයේ මිදී කිලෝවක තොග මිල වූයේ රුපියල් දෙසීයක් බව වෙළෙන්දෝ පවසති.

පිටස්තර ප්‍රදේශවලින් පැමිණි වෙළෙන්දන් යාපනයේ මිදී මිලදී ගැනීම සඳහා වැඩි උනන්දුවක් දක්වමින් ඇති බවත් කිලෝව රුපියල් 200 බැගින් බොහෝ වෙළඳුන් යාපනයෙන් මිදි රැගෙන යන අයුරු ද දඹුල්ලේ දී දැක ගැනීමට හැකිවිය