spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පාස්කු ප්‍රහාරය ගැන බෙරිහන් දුන් ලංසලා දැන් කෝ?

Must read

පාස්කු ප්‍රහාරය ගැනත් කටුවාපිටිය කිතුණු ජනතාව ගැනත් හොටු පේරාගෙන අඬමින් කතාකල ලංසලා අද මීක් නැත.

බලයට ඒමට පාස්කු ප්‍රහාරය යොදාගත්තේය යන චෝදනාවක් රජය වෙත මේ වන විට බරපතල ලෙස සමාජ ගතව තිබේ.කතෝලික පල්ලිය පවා දැඩි ස්ථාවරයක් ගනිමින් රජය බරපතල ලෙස විවෙචනය කරන්නට පටන් ගෙනය.සුපුරුදු පරිදි රජය සිය දඩබල්ලන් දැන් වරින් වර මුදා හරින්නට පටන් ගෙනය.ඥානසාරහිමි මාධ්‍ය හමුවට පැමිණ චණ්ඩි කතා කියන්නට පටන් ගැනිම යනු සිංහල බෞද්ධ චණ්ඩියන් කිතුණුවන්ද බය කරන්නට සුදානම් වන බවට හොදම නිදසුනකි.

පාර්ලිමේන්තුවේදි ඕන එකටයි එපා එකටයි කට ගහගෙන යන ලංසාලා කාර්දිනල් හිමිට ඥනසාරලා දාන පාට් ගැන ටෝක් ඉෂු කරන්නට යන්නේ නැත.ඉන් කියැවෙන්නේ පාස්කු ප්‍රහාරය වෙනුවෙන් එදා ලංසා කලේ මිගමුවේත් පජාතව සිටින කල සල්ලි පවුලට කෙසේ හෝ ගොඩ යාමට කටුවාපිටියේ ජනතාව විකුණනාගෙන දේශපාලනය කිරිමය.

දැන් එය හොදටම පැහැදිලිය.මෙදා සැරේ නම් මිගමුව මහනගර සභාවේ බලය පවා අහිමිවන බව දැන් තියාම තේරුම් ගෙන සිටින්නේ ඒ නිසා විය යුතුය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article