මාලිමාව මීගමුව ජයගනිද්දි, සජබට දරුණු පසුබෑමක් ?

0
230
Mass Image Compressor Compressed this image. https://sourceforge.net/projects/icompress/ with Quality:80

මුලු මන්ත්‍රීධුර 49න් නාගරික මන්ත්‍රීන් 27 ක බහුතරයක් සහිතව මාලිමාව මිගමුවේද ජයගෙන ඇත.

මේ අතර මාලිමාව කොට්ටාශ 29න් 27ක්ම ජය ගනිද්දි සජබට ජයගතහැකිව තිබුනේ එක් කොට්ඨාසයක් පමණි.

ලයිස්තුව මන්ත්‍රිධුරද සමඟින් සජබට හිමි මන්ත්‍රිධුර ගණන 9කි.

මැතිවරණයට ඉදිරිපත්වු පිළිගත් දේශපාලන පක්ෂ අතුරින් මන්ත්‍රීධුරය බැගින් පොහොට්ටුවට,මුස්ලිම් කොංග්‍රසයට සහ ජනතා පෙරමුණට (PA) ට හිමිව තිබේ.ඉතිරි මන්ත්‍රීධුර ස්වාධීන කණ්ඩායම් අතර බෙදි ගොස් තිබේ.

මේ අතර ලංසා විරෝධි ස්වාධීන කණ්ඩායම් ලෙස ඉදිරිපත්ව සිටි කණ්ඩායම් තුනකට මන්ත්‍රීධුරය බැගින් හිමිකරගැනිමට මෙවර හැකිව තිබේ.

කෙසේ වෙතත් කොට්ටාශ 27ත්ම ජයගත් මාලිමාවට මෙවර කිසිදු ලයිස්තු මන්ත්‍රීධුරයක් හිමිව නොතිබේ.මේ පසුබිම තුල යම් කිසි ආකාරයකට කොට්ඨාස 2ක ජය අහිමිව ගියේ නම් මාලිමාව මිගමුව තුල බරපතල අර්බුදයකට මුහුණ දෙනු ඇත.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here