මිගමුව කියල කියන්නේ බස්නාහිර පළාතේ වේගයෙන්ම දියුණු වෙන වානිජ නගරයක්.
සංචාරක කර්මාන්තයත් ,ධිවර කර්මාන්තයත් , මිගමුවේ දියුණුවට ප්‍රධාන ලෙසම බලපාන ක්ෂේත්‍ර.
ඉනුත් ධිවර කර්මාන්තය කියන්නේ අංක එක.කම්මල් මෝයේ ඉදන් දුන්ගාල්පිටිය සෙත්තප්පාඩුව දක්වා මුහුදු තීරයත් ඒ වගේම ලංකාවේ සස්ක්‍රීම කලපුව මිගමු කලපුව විමත් මේ අතර ප්‍රධානයි.
අනික සංචාරක කර්මාන්තය පවා ගොඩදාගන්න බලපාන ප්‍රධානතම ක්ෂේත්‍රය තමයි ධිවර කර්මාන්තය.
ඒ විතරක් නෙමේ ධිවර කර්මාන්තය හා බැඳුනු තවත් බොහෝ අතුරු කර්මාන්තත් මිගමුවේ දියුණුවට ඉතාමත් තීරණාත්මකයි.
කරවල නිෂ්පාදනය, මාළු ලෙල්ලම් මේ අතර ප්‍රධානයි.
හැබැයි වැඩේ කියන්නේ මිගමුවේ දියුණුවට මුලික පදනම වෙලා තියන ධිවර කර්මාන්තය ගැන හෑබෑ.දැනුමක් තියෙන ධිවර පවුල් වලින පැවත එන දේශපාලන ක්‍රියාකාරින්ට මිගමුවේ මාලිමා දේශපාලනය පාලනය කරන අයගෙන් බරපතල කැපිල්ලක් තියෙනව කියන කාරණය දැන් ටිකින් ටික සමාජ ගත වෙන්න පටන් අරන් .
වෛද්‍ය හෙන්රි කියන්නේ ධිවර පවුල් පරිසරයකින් ආපු සෑබැ ජනතා නායකයෙක්.සංගිත් කියන්නෙත් එහෙම චරිතයක්.
හැබැයි මිගමුවේ මාලිමා දේශපාලනය ගැන තීන්දු ගන්න පිටගම්කාරයෝ සෙට් එකට මේ වගේ ධිවර පුත්තු අරහන් වගේ.
මේ පිටගම්කාරයන්ගේ මේ උද්දච්ච කමම තමයි මිගමුවේ මාලිමා දේශපාලනයටත් කවද හරි කෙළවන්නේ.
ඒක ඉතින් ගහේ බඩු වගේ ෂුවර්.
මොකද මිගමුවේ මාලිමා දේශපාලනය ගැන තිරණ ගන්න දාල තියෙන පිටගම්කාර තුන්කට්ටුවට මිගමුව ගැන දැනිමක් නැ .ඒ විතරක් නෙමේ ඇත්ත හැඟිමක් තියෙනවද කියන එකත් ගැටලුවක්.
අනික මිගමු සංවර්ධනයේ ආර්ථික මර්මස්ථානය වෙච්ච ධිවර කර්මාන්තය ගැන මෙලෝ මළ බෝලයක් මෙයාල දන්නේ නැ.
මේ හින්දම පවුලකින් ගලවල මිගමුවේ ධිවර ජනයා පුමුඛ ප්‍රගතිශීලින් මාලිමාව ඉස්සරහට ගෙනාවට මිගමුව ගැන නොදන්න තින්දු තිරණ ගන්න තුන්කට්ටුව හින්ද මිගමුව බරපතල අර්බුදයකට මුහුණ දෙන්න නියමිතයි.
වැඩේ කියන්නේ ඒ විතරක් නෙමේ මිගමුවේ ඇතැම් තිරණ වලට බලපෑම් කරන්න දැන් සල්ලි භාගේ තියෙන හැබැයි තමන්ගෙ පවුල් ජිවිතයවත් හරියට හදාගන්න බැරිවෙච්ච අසාර්ථක මහත් හොරුත් දැන් මේකෙ ඇතුලෙ රඟන්න පටන් අරන්ලු
තකට තක.හැබැයි මේ සේරමල්ලා හින්ද කෙළවෙන්නේ මිගමුවේ ජනතාවගේ අනාගතයට.
ලංකාව තුල සංචාරක කර්මාන්තය මේ වෙන කොට පිමි පනිමින් යන දිසානතින් ඉතා පැහැදිලි විදියට තිරණය කරල හමාරයි.
ඒ යථාර්ථය අස්සේ මිගමුවේ සංචාරක කර්මාන්තය ආයේ ගොඩදාගන්නව කියන එකත් ලොකුම අභියෝගයක්.
මිගමුවේ ජනතාවගේ ජන ජිවිතය එක්ක හරි හමන් බැඳිමක් නැති ,මිගමුවේ ජනතාවගේ සෑබෑ ජන අරගලයත් එක්ක කිසිම සම්බන්ධයක් නැති පැරිෂුට්කාරයන්ට මිගමුව ගොඩදාන්න කරන්න පුලුවන් දෙයක් නෑ.හැබැයි මේ හින්දම මිගමුවේ ප්‍රගතිශීලි ජනයාට ලොකු වගකිමක් තියෙනව මේ පිටගම්කාරයන්ගේ ග්‍රහණයෙන් මිගමුව මුදවගෙන සෑබෑ ජයග්‍රහණයේ මාවතට මිගමුව අරන් යන්න.
අනික අමතක කරන්න එපා ඊලග සභාව මාලිමා නියෝජිතයන්ගෙන් පලාත්පාලන නිතිය භාවිතාව මිගමුවේ ප්‍රධාන ගැටලු ගැන දන්න සහ ඒ වෙනුවෙන් බය නැතුව කතා කරපු එකයි ඉන්නේ.
මේ 27න් අතිබහුතරයක් ගොඩගියේ මාලිමා රැල්ල හින්ද මිසක් මේ චරිතවල රැස්වලලු නිසා නෙමේ.
අපේ මිතුරෙක් ඡන්දෙට කලින් කිව්වේ මාලිමාවෙන් අපේ කොට්ඨාසෙට දාල තියෙන්නේ මෙලෝ රහක් නැති එකෙක් බන් .ගමේ මල ගෙදරකටවත් ගොඩ වුනේ නැති පාරේ තොටේ දැක්කත් මිනිස්සු එක්ක හිනාවෙන්නෙ නැති ඩයල් එකක්.
වැඩේ කියන්නේ මේ පිටගම්කාර තුන්කට්ටුව මේ වගේ ඩයල් වලටත් දැන් තනතුරු දෙනවලුනේ.
අපට කියන්නේ ඔහොම යං කියල තමයි.
ආර්.ප්‍රනාන්දු