ඔබතුමා අද ඇවිල්ලා උගත් නීතිඥ මහත්මයෙක් ලෙස මේ පුටුවේ වාඩිවීම සම්බන්ධව මම අතිශය සන්තෝෂයට පත් වෙනවා. ඔබතුමා මොන පක්ෂයක් නියෝජනය කෙරුවත් ,ඔබතුමා මොන කඳවුරක් නියෝජනය කෙරුවත් මට කිසි ගැටලුවක් නෑ අපේ බලාපොරොත්තුවත් මේ මීගමුවේ ජීවත්වන ජනතාවගේ සුභ සිද්ධිය සුඛ විහරණය, ඒ වගේම අවශ්‍යතාවයන්, මේ නගර සභාවේ පනත් අනුව , ඒ වගේම උත්තරීතර නීතිය අනුව, විනය නීති අනුව ඒ වගේම මූදල් රෙගුලාසි, ඒ වගේම ආයතන සංග්‍රහ අනුව කටයුතු කරමින් මේ සියලු දේවලට අනුකූලව ඔබතුමා මොන යෝජනාවද මේ සභාවට ගේන්නේ ,ඒ සියලු යෝජනාවන් වලට කොන්දේසි විරහිතව සහයෝගය දීම තමයි මගේ අපේක්ෂාව. ඔබතුමා පැහැදිලිව ප්‍රකාශ කළා. ඔබතුමා මේ නගර සභාවට ඇවිල්ලා නගරාධිපතිධූරය භාර අරගෙන ඔබතුමා කටයුතු කරන ආකාරය පිළිබඳව, පැහැදිලි කිරීමක් කළා.
අපි බලාපොරොත්තු වෙනවා.ඒ වගේම රාජ්‍ය තන්ත්‍රය වචනවල ගැබ් වෙලා තියෙන ඒ අදහස් එක්ක මේ මීගමුවේ මහා පොළොවේ ඒක ක්‍රියාත්මක වෙන්න ඕන කියන බලාපොරොත්තුව අපේ තියෙනවා , අපේ විතරක් නෙවෙයි මේ මීගමු ජනතාවගේ සියලු දෙනාගේම ඒක තමයි බලාපොරොත්තුව .
එනිසා බලාපොරොත්තු වෙනවා අනාගතයේදී ඔය කියපු විදිහටම ඒ දේවල් මේ මීගමුව නගර සභාවේ සිදු වෙයි කියලා. එක පැත්තකින් ඔබතුමාට විශාල අභියෝගයක් තියෙනවා, මේ නගරය සංවර්ධනය කරන්න.
එක පැත්තකින් තියනවා ආපස්සට ගිහිල්ලා මේ දූෂිත නගරයක් කියලා ප්‍රසිද්ධියට පත් කරපු ඒ වගේම ඔබතුමාලාම අතර මතයක් ගොඩනැගිලා ,ජනතාව අතර මතයක් ගොඩනගලා, ඔබතුමාලා මේ දූෂිත නගරය පිළිබඳ යම් යම් ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධව මිනිසුන් බලාගෙන ඉන්නවා.ඒ වගේම ඒ අභියෝග වලට ඔබතුමාටත් මුහුණ දෙන්න වෙනවා.
ඒ නිසා අපි හිතන විදිහට ඒ ගැන මේ වෙද්දී කතා කිරීම කල් වැඩියි.කල්යාමේදී අපිට බලාගන්න පුළුවන් ඔබතුමාලා බලාපොරොත්තු වෙච්ච, ඔබතුමාගේ පක්ෂය බලාපොරොත්තු වෙච්ච,ඒ වගේම ඔබතුමාගේ පාක්ෂිකයෝ ,ඔබතුමාට ඡන්දය දීපු අයගේ බලාපොරොත්තු මේකේ ඉෂ්ට වෙනවද නැද්ද කියන එක බලාගන්න පුළුවන් වෙනවා.ඒ නිසා මම පැහැදිලිව ඔබතුමා හරි දේ කරනවා ද ,ඒ කාර්ය සඳහා මගේ පූර්ණ සහය ,ශක්තිය අනිවාර්යෙන් ලබා දෙනවා කියලා මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කරනවා.
එයින් මම බලාපොරොත්තු වෙන්නේ නෑ කිසිම ප්‍රතිලාභයක්, ඒ වගේම මම බලාපොරොත්තු වෙන්නේ නෑ ඔබතුමාගේ බලය පාවිච්චි කරලා මේ සභාවේ යම් යම් වරදාන වරප්‍රසාද මම කොහොමත්ම බලාපොරොත්තු වෙන්නේ නෑ. නමුත් මම බලාපොරොත්තු වෙන්නේ හොඳ නගරයක්. හොඳ මීගමු පුරවැසියෝ බිහිවෙන නගරයක්.
ඒවගේම ලස්සන නගරයක් බවට පත් කිරීම තමයි අපේ බලාපොරොත්තුව. මම එදා නියෝජ්‍ය නගරාධිපතිවරයෙක් විදිහට මම සභාවේ කටයුතු කරනකොට ආණ්ඩුවට විරුද්ධවත් කටයුතු කළා.