ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සහ මීගමුව සංචාරක සංගමය අතර විශේෂිත හමුවක්.

0
859

….

2025 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙස නොබෝදා දා කිරුළු පළන් සබීනා ටී යූසෆ් සහ මීගමුව සංචාරක සංගමය (NTA) අතර සුවිශේෂී හමුවක් පසුගියදා සිදුවුණි. ඒ මිගමුව, ” ග්‍රෑන්ඩ් ග්‍රැස්ට්‍රෝබාර් ” රෙස්ටුරන්ට් හී දීය.

IMG 20251016 WA0059IMG 20251016 WA0058 IMG 20251016 WA0057 IMG 20251016 WA0060 IMG 20251016 WA0061

ඒ අනුව මීගමුව (කැපුම්ගොඩ) ප්‍රදේශයෙන් ඉදිරිපත්ව මේ වසරේ ශ්‍රී ලාංකීක විවාහක රූප රාජනීය ලෙස ජයග්‍රහණය කල සබිනා ටී. යුසෆ් හට සුභ පැතුම් පිරිනැමීම සහ එම ජයග්‍රහණය ඇය සමඟ එක්ව සැමරීම මෙම හමුවේ මූලිකම අරමුණ වී තිබිණි.
ඒ අනුව, 2025 වසරේ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙස කිරුළු පලන් සබීනා ටී යූසෆ්, සහ ඇගේ ආදරණීය සැමියා වන සැකරියා යූසෆ් ද එලෙසම ඇගේ මව වන සුනේත්‍රා ත්‍රෝසන් මහත්මියව ද මෙම සුවිශේෂී හමුව සංවිධානය කළ මීගමුව සංචාරක සංගමය වෙනුවෙන් එහි සභාපති ඒ.වර්ණකුමාර මහතා සහ එම සංගමයේ උප සභාපතිනී, රොෂානි ෆොන්සේකා මහත්මිය ඇතුළු එම පිරිස ඉතා උණුසුම් ලෙස පිලිගනිමින් එම හමුව පැවැත්වු මීගමුව,” ග්‍රෑන්ඩ් ග්‍රැස්ට්‍රෝබාර් ” රෙස්ටුරන්ට් වෙත කැඳවාගෙන යන ලදී.

ඉන් පසුව මීගමුව සංචාරක සංගමයේ සභාපති ඒ වර්ණකුමාර මහතා විසින් මීගමුව ප්‍රදේශයේ විශේෂයෙන්ම මීගමුව සංචාරක කලාපය ආශ්‍රිතව ගොඩ නැගී ඇති සංචාරක කර්මාන්තය පිළිබඳව කෙටි සමාලෝචනයක් ඉදිරිපත් කරන ලදී. එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ දැනට වසර කිහිපයකට පමණ පෙර මීගමුව ප්‍රදේශය සතුව තිබූ බහුතර විදෙස් සංචාරක ආකර්ෂණය මේ වන විට යම් කඩා වැටීමකට ලක්ව ඇති බවයි.

 

එලෙසම එවැනි තත්ත්වයක් තුළ මීගමුව ප්‍රදේශයේ ස්ථාපිත වී ඇති සංචාරක කර්මාන්තය මෑත කාලීනව ගත් කල යම් පසුගාමීත්වයකට ලක්ව ඇති බව ද ඔහු එහිදී අනාවරණය කළේය. එමෙන්ම ඔහු පවසා සිටියේ ශ්‍රී ලංකාවට මිලියන ගණනින් සංචාරකයන් පැමිණියත් මීගමුව සංචාරක කලාපය තුළ එම සංචාරකයින් රැඳී නොසිට මෙරට වෙනත් ප්‍රදේශ කරා ආකර්ෂණය වන බවයි. එලෙසම ඔහු පෙන්වා දුන්නේ මීගමුව සතුව ඉතා මනරම් මුහුදු වෙරළ තීරයක් ඇති බවත්, ඓතිහාසික වටිනාකම් සහිත ස්ථාන සහ ස්වභාවික සම්පත් රාශියකින් ද අනුන වු ප්‍රදේශයක් මෙන්ම වාණිජමය වශයෙන් ගත් කල මීගමුව යනු සුපිරි නගරයක් බවයි.

එහෙත් මේ වන විට එහි සංචාරක කර්මාන්තය යම් ආකාරයක කඩා වැටීමකට ලක්ව ඇති නිසා එය යළි නගා සිටුවීමට ඉතා තදබල අවශ්‍යතාවයක් පැණ නැගී ඇති බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී ඔහු 2025 විවාහක රූ රැජිණ ලෙස අභිෂෙක් ලැබූ සබිනා ටී.යූසෆ්ගෙන් සහ ඇගේ ආදරණීය සැමියා වන සැකරියා යූසෆ්ගෙන් ඉල්ලා සිටියේ, පෙර නොවූ විරූ ලෙස මීගමුවේ කඩා වැටීමකට ලක්ව ඇති සංචාරක කර්මාන්තය යලි නගා සිටුවීමට සහ එහි ප්‍රවර්ධනයට යම් දායකත්වයක් සපයන ලෙසයි..

එහිදී වර්ණකුමාර මහතා, සබිනා ටී යූසප් අමතා ප්‍රකාශ කළේ මීගමුව ප්‍රදේශයෙන් ඉදිරිපත්ව මේ වසරේ ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ ලෙසින් නොබෝදා කිරුළු පළන් ඇයට ශ්‍රී ලංකාවේ අභිමානය ලොවට ගෙනයන අතරේ ඇය මෙරට තුළ ජීවත් වන සහ ඇගේ මවගේ උපන් ප්‍රදේශය වන මීගමුව පුරවරය පිළිබඳවද ලොවට ප්‍රකාශ කරන්නට ඇයට මා හැඟී යුතුකමක් මෙන්ම වගකීමක් ද ඇති බවයි.

ඒ නිසා වර්ණකුමාර මහතා ඔහුගේ අදහස් දැක්වීම තුලින් 2025 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණට ආරාධනා කලේ තම සංගමය හා එක්ව එම කාර්යයට දායකත්වය ලබා දෙන ලෙසයි.

එහිදී විවාහක රූ රැජිණ සබීනා ටී යූසෆ් ද අදහස් දක්වමින් ප්‍රකාශ කළේ තම ගම් ප්‍රදේශය වන කැපුම්ගොඩ ඇතුළු සමස්ත මීගමුව ප්‍රදේශයේම, සංචාරක කර්මාන්තය මෙරට අනෙකුත් සංචාරක කලාප හා සංසන්දනය කළ විට බහුතර විදෙස් සංචාරක ආකර්ෂණයෙන් දුරස්ව ඇති බව මෙරටට පැමිණි වතා කිහිපයකදීම ඇයට ද නිරීක්ෂණය වූ බවයි.IMG 20251016 WA0055 IMG 20251016 WA0063 IMG 20251016 WA0071

ඒ නිසා මීගමුවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට තමන් නොපිරිහෙලා තමාගේත් තම පවුලේ අයගේත් දායකත්වය ලබාදෙන බව ඇය එහිදී ප්‍රකාශ කළාය.

ඇය එහිදී විශේෂයෙන්ම කියා සිටියේ සාම්ප්‍රදායික සංචාරක කර්මාන්තය වෙනුවට සංචාරක කර්මාන්තය දියුණු මට්ටමක ඇති ලොව වෙනත් රටවල අනුගමනය කරන නව ආකර්ශනීය ක්‍රමෝපායන් සමඟින් මීගමුවේ සංචාරක කර්මාන්තය ද යලි ගොඩනැගිය හැකි බවට තමා විශ්වාස කරන බවයි.

විශේෂයෙන්ම මහා පරිමාණ තරු පන්තියේ සංචාරක හෝටල් මෙන්ම ආකර්ෂණීය හැඩතල ඔස්සේ නිර්මාණාය කල කුඩා පරිමාණ හෝටල්, කබානා සහ අවන්හල් මීගමුව සංචාරක කලාපය තුළ වැඩි වශයෙන් ස්ථාපිත කළ යුතු බවත්, එලෙසම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව මේ දිනවල විදෙස් සංචාරකයන් අතර වඩාත් ජනප්‍රිය වී ඇති ස්ට්‍රීට් ෆුඩ්ස් හෙවත් එවලේම පිළියෙල කර දෙන ආහාර පාන සහිත විදී ආපන ශාලා මීගමුව සංචාරක කලාපය තුල වැඩි වශයෙන් ස්ථාපිත කල යුතු බවත් ඇය ප්‍රකාශ කළාය .

ඇය මෙහිදී තවත් සුවිශේෂී කරුණක් සඳහන් කරමින් පවසා සිටියේ මීගමුව යනු සියලු ආගමික ස්ථාන වල සංකලනයක් සහිත පුරවරයක් බවයි. ඒ අනුව මීගමුවේ බෞද්ධ වෙහෙර විහාර, ඉපැරණි සහ ඓතිහාසික කතෝලික දේවස්ථාන මෙන්ම ඉස්ලාමීය දේවස්ථාන මෙන්ම හින්දු ආගමික කෝවිල් වැනි ආගමික හා සංස්කෘතික වටිනාකමකින් යුත් ස්ථාන සංචාරකයන්ට නැරඹීමට පහසු වන සේ විවෘත බස් රථ යොදා ලොව වෙනත් ආකර්ශනීය සංචාරක නගරවල දක්නට ලැබෙන ” නගර සංචාරක බස්රථ සේවාවක් ” ක්‍රියාත්මක කිරීම සහ මීගමුව කලපුව හැමිල්ටන් ඇල, වැනි ආකර්ශනීය සහ සංවේදී ස්ථාන මෙන්ම මීගමුවේ ඇති අනෙකුත් ඓතිහාසික ස්ථානද එම බස් රථ සේවාව තුළින් සංචාරකයන්ට නැරඹීමට අවස්ථාව සලසා දීම වැනි සංචාරකයන්ගේ ආකර්ෂණයට හේතු වන නව අදහස් සහිත ප්‍රවර්ධන වැඩසටහන් හඳුන්වාදීම තුළින් මීගමුවේ සංචාරක පුරවරය හා එම කර්මාන්තය සංචාරකයන් අතර වඩාත් ආකර්ෂණීය තත්ත්වයකට පත් කළ හැකි බව ඇය වැඩිදුරටත් එහිදී ප්‍රකාශ කළාය..

එමෙන්ම මීගමුව සතුව පාරම්පරික වටිනාකමක් සහිත වු දිගු ඉතිහාසයක් ඇති ආහාර සංස්කෘතිය සහ ධීවර කර්මාන්තය විදෙස් සංචාරකයන්ට හඳුන්වාදීමේ නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින්ද මීගමුවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරගත හැකි බව ද ඇය පැවසීය. එලෙසම ඒ සඳහා මීගමු නගරය ඇතුළු මුළු මීගමුව ප්‍රදේශයම කේන්ද්‍ර කර ගනිමින් පිරිසිදු සහ පවිත්‍ර පුරවරයක් සඳහා අවශ්‍ය වන යටිතල පහසුකම් ඇති කළ යුතු අතරම විශේෂයෙන්ම සංචාරකයන්ගේ ආරක්ෂාව සැලසීම සඳහා නිසි ආරක්ෂිත වැඩ පිළිවෙලක් ද මීගමුව සංචාරක කලාපය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කළ යුතු බවත් මෙහිදී ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.

මෙහිදී මීගමුව සංචාරක සංගමයේ සභාපති ඒ. වර්ණකුමාර මහතා නැවතත් මෙම හමුව අමතමින් පැවසුවේ මීගමුව සංචාරක කර්මාන්තය සඳහා ඇය ඉදිරිපත් කළ නව යෝජනා පිළිබඳව විශේෂ ස්තූතියක් පළ කරන බවයි. එලෙසම ඇය මීගමුවේ සංචාරක කර්මාන්තයේ වර්තමාන තත්ත්වය පිළිබඳව නිවැරදි නිර්වචනයක් ඉදිරිපත් කළ බවත් සහ මීගමුවේ සංචාරක කර්මාන්තය පිළිබඳව ඇය දැඩි අවධානයකින් සහ උනන්දුවකින් පසුවන බව ඇයගේ අදහස් දැක්වීම තුළින් හොඳින් ගම්‍ය වූ බවද ඔහු ප්‍රකාශ කළේය. ඒ අවස්ථාවේදී වර්ණකුමාර මහතා නැගී සිටිමින් ප්‍රකාශ කළේ “” ශ්‍රී ලංකාව යනු පෙරදිග ලෝකයේ බබලන මුතු ඇටය නම්, සබීනා යනු මීගමුව බබළවන මුතු ඇටය” හෙවත් ” ද පර්ල් ඔෆ් නිගම්බු” ( The Pearl of Negombo) ලෙසිනි.

ඒ සමඟින් සබිනා ඉතා සංවේදී වූ ආකාරය දැකගත හැකි විය. එම සංවේදී මොහොතේ ඇයගේ දෙනෙතට කඳුළු පිරුණු ආකාරයද දැක ගත හැකි විය.
කෙසේ වෙතත් මෙම හමුව අවසානයේ 2025 ශ්‍රී ලාංකීක විවාහක රූ රැජිණිය ලෙස අභිෂේක ලැබූ සබීනා ටී යුසෆ් හට එළඹෙන 2026 වසරේ ජනවාරි මාසයේදී ඇමරිකාවේ ලස් වේගාස් නගරයේ පැවැත්වෙන ලෝක විවාහක රූ රැජිණ තරගයට සහභාගීව එම කිරුළ ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවට ඉමහත් අභිමානයක් සේම ගෞරවයක් ගෙන ඒමට , මීගමුව සංචාරක සංගමයේ උණුසුම් සුභ පැතුමන් පිරිනැමීමද මෙහිදී සිදුවිය.

මෙම සුවිශේෂී හමුව නිමා කරමින් සබිනා ටී යූසෆ් ද ප්‍රකාශ කලේ තමා මෙන්ම තම මව සහ තම ආදරණීය සැමියාව ද මෙලෙස ඉතා ආදරණීයව උණුසුම්ව සහ ගෞරවාන්විතව පිළිගැනීම උදෙසාත් එලෙසම මෙම හමුවේදී තමන් ඇතුළු සියලු දෙනා වෙත ලබා දුන් ආගන්තුක සත්කාර සහ සංග්‍රහයන්ටත් තම හද පිරි ස්තූතිය , ගෞරවාන්විතව මීගමුව සංචාරක සංගමයේ සියලු දෙනා වෙත පුද කරන බවයි. ඉන්පසු මෙම හමුවට සහභාගී වූ දෙපාර්ශවයේ සියලු දෙනාම සමූහ ඡායාරූපයකට ද පෙනී සිටින ලදී.
මෙම හමුව සංවිධානය කිරීමේදී මීගමුව, ” ග්‍රෑන්ඩ් ග්‍රැස්ට්‍රෝබාර් ” රෙස්ටුරන්ට් ඇතුළු ග්‍රෑන්ඩ් රෙස්ටුරන්ට් සමුහයේ අධිපති නිෂාන් සිල්වා මහතාගෙන් ලද විශේෂිත සහයෝගය වෙනුවෙන් මීගමුව සංචාරක සංගමයේ සභාපති ඒ.වර්ණකුමාර මහතා මෙහිදී සිය ගෞරවාන්විත ස්තූතිය ද පුද කලේය.
එලෙසම ඔහු
” මීපුර ” ප්‍රවෘත්ති වෙබ් අඩවියට ද මෙහිදී විශේෂ ස්තූතියක් පුද කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here