”අද කටා⁣නේ නීත්‍යානුකූල නොවන සුපයිසර්ලා ටිකක් බිහි වෙලා තියෙනව”

0
403

අද කටා⁣න ප්‍රාදේශයේ නීත්‍යානුකූල නොවන සුපයිසර්ලා ටිකක් බිහි වෙලා තියෙනවා.

කටාන.ප්‍රා.සභාවේ ව්පක්ෂයේ සභික ලසන්ත දීපාල් මහතාගෙන් චෝදනාවක්.

පසුගිය 17 වැනි දා පෙරවරුවේ පැවැති ඔක්තෝබර් මාසයට අදාළ කටාන ප්‍රාදේශීය සභාවේ මහා සභා රැස්වීමේදී, විපක්ෂයේ (ස.ජ.බ.) ප්‍රාදේශීය සභා සභික ලසන්ත දීපාල් මහතා මේ පිළිබඳව අදහස් පළ කළේය.

කටාන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ වීදි ලාම්පු සවිකිරීම් සහ ඒ ආශ්‍රිත සේවාවන්ද, එලෙසම මාර්ග පිළිසකර කිරීම් මෙන්ම කැලිකසල එකතු කිරීම වැනි කටයුතු ඇතුළු මහජන සේවාමය කාර්යයන් සඳහා සේවයේ නියුතු වන ප්‍රාදේශීය සභාවේ කම්කරු සේවකයන් බොහෝ විට එම කටයුතු සිදු කරනු ලබන්නේ එක්කෝ ප්‍රාදේශීය සභාවේ සිටින වැඩ පරීක්ෂකවරුන් හෙවත් අධීක්ෂකවරුන් (සුපවයිසර්) හෝ තාක්ෂණ නිලධාරීන් (ටී.ඕ.) ගේ අනසක පරිදිය. නොඑසේනම් බොහෝවිට එම කම්කරු සේවකයන් ප්‍රාදේශීය සභාවේ පක්ෂ විපක්ෂ සභිකවරයෙක් හෝ සභිකවරියක් පවසන කාර්යභාරයක් එහි නිවැරදි තත්ත්වය බලා, එය නිවැරදි නම් පමණක් සිදු කරනු ලබන බව විපක්ෂයේ ලසන්ත දීපාල් මහතා සඳහන් කලේය. එහෙත් මේ වන විට කටාන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ වැඩ පරීක්ෂකවරුන්, හෝ තාක්ෂණ නිලධාරීන් හෝ, ප්‍රාදේශීය සභාවේ, මහජන ඡන්දයෙන් බලයට පත්වූ සභිකවරුන් හා සභිකවරයන් ද නොවන වෙනත් කණ්ඩායමක් ප්‍රාදේශීය සභා කම්කරු සේවකයන්ට අණ කිරීමට හා තර්ජනය කිරීමට පෙළඹී ඇති සිදුවීම් කිහිපයක්ම පසුගිය සති කිහිපය තුළ තමන්ට ද වාර්තා වී තිබෙන බවටද ඔහු ප්‍රකාශ කළේය.
ප්‍රාදේශීය සභාවේ රාජකාරීමය නොවන පිරිසක් හෝ සභිකවරුන් හෝ සභිකවරියන් නොවන පිරිසක් හෝ ප්‍රාදේශීය සභා සේවකයන් පාලනය කිරීමට යාම නොඑසේනම් ඔවුන්ට අණ කිරීමට හෝ වැඩ පැවරීමට යෑම ප්‍රදේශය තුළ යම් ගැටලුකාරී තත්ත්වයක් මතුවිය හැකි බවද ලසන්ත දීපල් මහතා මෙහිදී පෙන්වා දුන්නේය. එහිදී වැඩිදුරටත් ඔහු අවධාරණය කරමින් කියා සිටියේ මේ වන විට ප්‍රදේශය තුළ අනීතික ලෙස කටයුතු කරන මෙම සුපයිසර්ලා වැනි පිරිස පාලනය කිරීමට ද නොහැකි තත්ත්වයක් මේ වන විට උදාවී ඇති බව තමන්ට වාර්තා වූ බවයි. එය අනවශ්‍ය ගැටුමක් දක්වා වර්ධනය විය හැකි බව පවසන ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ මෙවැනි තත්ත්වයක් තුළ ප්‍රාදේශීය සභා සේවකයන් සහ ගම තුල වෙසෙන මෙම අනීතික පිරිස අතර අර්බුධයක් පවා නිර්මාණය විය හැකි වාතාවරණයක් ඇතිවිය හැකි බවයි. ඒ නිසා ඔහු ප්‍රාදේශීය සභා සභාපතිනියගෙන් සහ ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සභිකවරුන්ගෙන් ඉල්ලා සිටියේ එවැනි තත්ත්වයක් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල ඇති නොවීමට වග බලා ගන්නා ලෙසත් ප්‍රාදේශීය සභාවේ සේවකයන්ට තර්ජනයන් එල්ල කරමින් ඔවුන්ගෙන් වැඩ ගැනීමට ඔවුන්ට අණ කරන කටාන ගම් ප්‍රදේශයේ චන්ඩි පාර්ට් දමන මෙම අනීතික පිරිසව පාලනය කිරීමට ද අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.. එලෙසම ඔහුගේ එම කතාව අවසනනයේදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ ” අර පෙර කාලෙක තුන්ඩු කෑලි දී ගමේ කඩටික වසා දැමුවාක් මෙන් එවැනි අනිසි තත්ත්වයකට කටාන ප්‍රදේශය පත් නොකිරීමට කටයුතු කරන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here