මීගමුව මහල් නිවාස සංකීර්ණයකින් ඇද වැටී සිදුවූ, කතගේ මරණය සියදිවි නසා ගැනීමක්ද ? ?? ..

0
441

 

මීගමුව, පොරුතොට පාරේ ඒත්තුකාල ප්‍රදේශයේ , මීගමුව වෙරළ උද්‍යාන පිවිසුම් මාර්ගය ආසන්නයේ, විදේශිකයන් සඳහා නවාතැන් සපයන
” ඕෂන් බ්‍රීස් ” ( Ocean Breeze ) නමැති මහල් නිවාස සංකීර්ණයේ පසුගිය 13 වැනි (13/01/2025) අඟහරුවාදා දින, එහි 09 වැනි මහලෙන් වැටී ස්වීඩන් ජාතික කාන්තාවක් මිය ගිය සිද්ධිය සම්බන්ධව අධිකරණය කටයුතු මෙහෙයවන මීගමුව පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් සැරයන් කොතලාවල මහතා පැවසුවේ දැනට සිදු කර ඇති පොලිස් පරීක්ෂණවලදී මෙම මරණය බොහෝවිට සියදිවි නසා ගැනීමක් බවට කරුණු අනාවරණය වී තිබෙන බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ සුවීඩන් ජාතික බෙයිජ් රීජා ඇනා ලොයිසා
( Boij Freja AnnA Lovisa) නම් 26 හැවිරිදි කාන්තාවකි.

මෙම මරණය සිදුවූ දින වාර්තා වූයේ මෙම කාන්තාව තම ස්වාමි පුරුෂයා සමගින් මෙම මහල් නිවාසයේ තාවකාලිකව නවාතැන් ගෙන සිට ඇති බවයි. එහෙත් මේ වන විට වාර්තා වන්නේ ඇය සමඟින් මෙම මහල් නිවාස සංකීර්ණයේ නවාතැන් ගෙන සිට ඇත්තේ ඇගේ ස්වාමිපුරුෂයා නොව ඇයගේ පෙම්වතා බවයි. ඒ අනුව ඇයගේ පෙම්වතා බව කියන පුද්ගලයා බ්‍රිතාන්‍ය ජාතිකයකු බවත්, මෙදින පෙරවරු 9.00 ට පමණ මෙම මියගිය කාන්තාවගේ පෙම්වතා බව කියන බ්‍රිතාන්‍ය ජාතිකයා සිය ව්‍යාපාර කටයුත්තක් සඳහා කුරුණෑගල ප්‍රදේශයට ගොස් ඇති බව මේ වන විට අනාවරණය වී තිබේ.
මෙම කාන්තාව මෙදින පස්වරුවේදී සිය ජංගම දුරකථනයෙන් පැයක පමණ වෙලාවක් දුරකථන සංවාදයක යෙදී සිට ඇති බවත් වාර්තා වෙයි. එලෙසම එදින පස්වරු 3.00 ට පමණ මෙම කාන්තාව එම උඩුමහලේ වැරැන්ඩාවේ සිට කකුල් දෙක එළියට දමමින් සිටි බව අසල්වාසීන් දැක ඇති බවට සාක්ෂි වලදී අනාවරණය වී ඇතැයි ද පොලිසිය පවසයි .

තවද මෙම මරණය සම්බන්ධයෙන් සුවීඩන් තානාපති කාර්යාලයට මෙම මියගිය කාන්තාවගේ ඥාතීන් දැනුවත් කරන ලෙස මීගමුව නාගරික හදිසි මරණණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්නතාගේ නියෝගය අනුව දැනුවත් කර ඇති බව මෙම මරණය සම්බන්ධව අධිකරණ කටයුතු මෙහෙයවන පොලිස් සැරයන් කොතලාවල මහතා වැඩිදුරටත් පැවසීය.
මේ පිළිබඳව නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතාගෙන් කළ විමසීමකදී , ඔහු පැවසුවේ ඥාතීන්ගේ පැමිණීමෙන් පසු හෝ ඥාතීන්ගෙන් ඒ සඳහා ලිපියක් ලද පසු සහ ස්වීඩන් තානාපති කාර්යාලය මගින් ලිඛිතව දැන්වීමෙන් පසු මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට කටයුතු කරන බවයි . කෙසේ වෙතත් එම පශ්චාත් මරණ පරීක්ෂණය එළඹෙන ඉරිදා දිනයේ (18/01/2025) සිදුකිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් ,එතෙක් මෙම මෘත දේහය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත් නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here