මීගමුව මුලික රෝහලට CTC යන්ත්‍රයක් මේ රජය යටතේදීවත් ලැබෙයිද?

0
433

 

2 1
මෙවර අයවැයෙන් සෞඛ්‍ය වෙනුවෙන් වෙන්වූ  ප්‍රතිපාදන අතර CTC යන්ත්‍ර වෙනුවෙන් මුදල් වෙන්වී ඇති බව ⁣සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර මීගමුව මූලික රෝහලටද මෙම යන්ත්‍රයක අවශ්‍යතාවය දැඩිව පවතියි.
මීගමුව නගරයේ ග්‍රාමසේවා වසම් 39ක් තිබෙන අතර ධීවර ප්‍රජාව,මධ්‍යම පාන්තිකයින් මෙන්ම දිළිඳු ජනතාව ජීවත්වෙන නගරයකි. ⁣ආසන්න නගර වලද මීගමුව රෝහලෙන් සේවාව ලබාගන්නා විශාල ජනතාවක් සිටිති.
වසර ගණනක සිට පවතින මේ අවශ්‍යතාවය අසරන ජනතාවට ඉටුකරගැන්මට වන්නේ අවට ඇති පුද්ගලික රෝහල් වලිනි.

ඒ වෙනුවෙන් විශාල මුදලක් වැය කරන්නට දුප්පත් ජනතාවටසිදුවී ඇත.
එබැවින් මීගමුව රෝහලට මේ රජය යටතේ වත් CTC යන්ත්‍රයක් මෙන්ම MRI යන්ත්‍රයක් ලබාගැනීමට මීගමුව රෝහලේ බලධාරීන් උනනන්දු විය යුතුය.

මේ වෙනුවෙන් විශේෂ ඉල්ලීමක් මීගමුව එක්සත් සුබසාධක සමිතිය විසින් ජනාධිපතිවරයාටත් ,සෞඛ්‍ය අමාත්‍යවරයාටත් යොමුකර ඇත.
මෙවර අයවැයෙන් වෙන්වු අරමුදල් වලින්වත් ⁣මීගමුව රෝහලේ පවතින මෙම අඩුපාඩුව සපුරාගත හැකිනම් රෝගීන්ට මහත් පිටුවහලක් වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here