නීතිඥ යුවලක් වෙඩි තබා ඝාතනය කිරිමට එරෙහිව මිගමුවේ ඉදිරිපිටත් අද විරෝධතාවයක් සංවිධානය කිරිමට නීතිඥ ප්‍රජාව අද පෙරවරුවේ කටයුතු කර තිබුණි.
පසුගියදා අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු හ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මීගමුව නීතිඥවරුන්ගේ සංගමය විසින් අද දිනය මිගමුව අධිකරණය ඉදිරිපිට මෙම නිහඬ විරෝධතාවය සංවිධානය කර තිබුණි.
අද දින මීගමුව අධිකරණයේ පැවති කිසිම නඩු කටයුත්තක් සඳහා නීතිඥවරුන් පෙනී නොසිටි අතර නඩු කටයුතු සඳහා පැමිණි පිරිස දැඩි අසීරු තාවකට පත් වූ බව පැවසීය















