මුහුදේ වෙසෙන ගල්මාළු විශේෂයක් වන ගිරවා යන මසුන් විශේෂය ඇල්ලිම තහනම් බව ධීවර අමාත්‍යාංශය විසින් වරක් පවසා තිබුණි.
සාගරයේ පරිසර සමතුලිතතාවය රැකිමේලා විශේෂ මෙහෙයක් මේ මතස්‍ය වර්ගයෙන් සිදුවන බව ධීවරයෝ පවසති.
මුහුදේ ගල්පරවල වෙසෙන මේ මසුන් විසින් එහි වෙසෙන විෂ සහිත කකුළුවන් වර්ගයක් අනුභව කරන බවත් එය සමතුලිතතාව රැකිමට ඉවහල් වන බවත් පැවසේ.
එමෙන්ම ගිරව් මතස්‍ය විශේෂයේ සෙවල අනුභව කිරිමෙන් තවත් කුඩා මතස්‍ය විශේෂයන් රැකෙන බවද ධීවරයෝ පවසති..
ගිරවා යන මාළු විශේෂ ය ගැන ෆේස්බුක් පිටුවක පළව තිබුන ලිපියක්ද අප පහත පලකරන්නේ.තවත් විස්තර දැනගැනිම සදහාය.
ආහාරයට ද ගත හැකියි. නමුත් එය නැවැත්විය යුතුයි. එයට සුවිශේෂී හේතු පවතිනවා. අපගේ ධීවර ප්‍රජාව ඒ ගැන දැනුවත් විය යුතුයි.
අපගේ සාගරේ ආහාරයට ගත හැකි නොයෙක් මසුන් වර්ග වලින් බහුලයි. අප ගිරා මත්ස්‍යයාට අභය දානය දිය යුත්තේ මන්ද?
කොරල් පර ආශ්‍රිතව ජීවත් වන ගිරා මත්සයා මල කොරල්පර කොටස් සහ කොරල් පර වලට අහිතකර ඇල්ගී විශාල වශයෙන් ආහාරයට ගන්නවා.උන්ගේ දින චර්යාවෙන් 90% ක කාලයක් ගත වන්නේ කොරල් පර ආශ්‍රිතව ආහාර ලබා ගැනීමටයි.
නිවර්තන කලාපයේ කොරල් පර බොහොමයක් අහිතකර ඇල්ගී මගින් පීඩාවට ලක් වී ඇත.මෙයට ප්‍රධාන හේතුව ප්‍රමාණවත් ගිරා මත්ස්‍ය ගහනයක් එම කොරල් පර ආශ්‍රිතව දක්නට නොලැබීමයි. අනෙකුත් ශාක භක්ෂක මසුන්ගෙන් ගිරා මත්ස්‍යයන් ගෙන් සිදුවන සේවය සිදුවන්නේ නැහැ.
සියල්ලටම වඩා වැදගත් දේ තමයි ගිරා මත්සයා සිය වසුරු ලෙස පිරිසිදු සුදු වැලි පිට කිරීම. එක් ගිරාම සකු වසරකට සුදුවැලි කිලෝ ග්‍රෑම් 320 එනම් රාත්තල් හත්සියයක් පමණ පිට කරනු ලබනවා.
ඉතින් ඇල්ගී සහ මල කොරල්පර ආහාර ගෙන පිරිසුදු වැලි පිට කරන මෙම හැඩකාරයා රැක ගත යුතුමයි.
වාර්තාවලින් ප්‍රබල ලෙස තහවුරු වී ඇති කරුණක් වන්නේ 1980 දශකයේ ගිරා මසුන්ට අභයදානය ලබාදුන් ස්ථාන වලට ආශ්‍රිත කොරල් පර මේ වන විට සුවපත් වෙමින් පවතින බවයි. මෙය දිරිගන්වන සුළු තත්වයක්.
ධීවර මිතුරනි, ඔබේ දැලට බිලී කොක්කට හසුවන ගිරා මත්ස්‍යයාට අභයදානය දෙන්න. එය අනාගතයේ ගොඩනැගෙන නිරෝගිමත් කොරල් පරයක් ආශ්‍රයෙන් වඩාත් සරු මත්ස්‍ය අස්වැන්නක් ලබා ගැනීමට හේතු වනු නොඅනුමානයි.
(ෆේස් බුක් පිටුවකිනි)











