හබරාදුවේදි මුහුදට බිලිවු කටුනායක එකම පවුලේ සොහොයුරන්ගේ අවසන් කටයුතු ඉරිදා!.

0
402

 

,හබරදුව කොග්ගල මුහුදු තීරයේ දිය නාමින් සිටි,එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු දිය වැලකට හසුව ,මුහුදු දියේ ගිලී මියගිය පුවතක් පසුගියදා  වාර්තා විය.

(14/04/2026) දින  සවස හබරාදුව, කොග්ගල නිදහස් වෙරළ උද්‍යානය ආසන්න මුහුදේ, දිය නාමින් සිටියදී මුහුදේ ගසාගෙන ගොස් , මෙලෙස මියගොස් ඇත්තේ, කටුනායක, දුම්රියපොළ පාරේ පදිංචිව සිටි 26 හැවිරිදි ජූඩ් ශෙවන්ත පෙරේරා සහ 21 හැවිරිදි ඇන්ටන් ෂෙනාල් පෙරේරා යන එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකි.

ඔවුන් දෙදෙනා එදින සවස පවුලේ අය හා තවත් පිරිසක් සමඟ හබරාදුව, කොග්ගල මුහුදේ දිය නාමින් සිටියදී දිය වැලකට හසුවී ඇති අතර මොවුන් මුහුදේ ගසාගෙන යමින් සිටියදී හබරාදුව පොලිසියේ නිලධාරීන් කිහිප දෙනෙකු සහ අසල පිහිටි සංචාරක හෝටලයක ජීවිත ආරක්ෂකයින් (Life Guards) විසින් ඔවුන් බේරාගෙන, පසුව මීපේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළද, හබරාදුව පොලිසියේ නිලධාරීන් පසුව පවසා ඇත්තේ, ඔවුන් දෙදෙනාව රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් ඇති බවට වෛද්‍යවරුන් පැවසූ බවයි

IMG 20260415 WA0063IMG 20260415 WA0065 IMG 20260415 WA0066 IMG 20260415 WA0067

මෙම දෙසොහොයුරන් එම මුහුදු තීරයේ දිය නාමින් සිටි ස්ථානය ආසන්නව ධීවර කටයුතුවල යෙදෙන රිටිපන්න ධීවරයන් පිරිසක් පෙන්වා දී තිබුණේ මෙම ස්ථානය දිය නෑම සඳහා ඉතාම අනතුරුදායක ,දියවැල් බහුල ස්ථානයක් බවය

මීට පෙරද කීහිප දෙනෙකුම මෙම ස්ථානයේදී අනතුරට පත්ව සිටියදී ප්‍රදේශවාසීන් සහ අසල සංචාරක හෝටල් වල සේවය කරන ජීවිත ආරක්ෂකයින් කිහිපදෙනෙකු විසින් බේරා ගත් බවද ඔවුන් වැඩිදුරටත් පවසා තිබිණි.

මෙම  සහෝදරයන් දෙදෙනා
මිගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යන් දෙදෙනක් බවද වාර්තා වුණි.

එම දෙසොයුරන් අතරින් වැඩිමහල් සහෝදරයා වූ 26 හැවිරිදි ජූඩ් ශෙවන්ත පෙරේරා මෘදුකාංග ඉංජිනේරුවරයෙකි.

එලෙසම මියගිය 21 හැවිරිදි ඇන්ටන් ෂෙනාල් පෙරේරා ද අපොස උසස් පෙළ විභාගයට පෙනී සිට නොබෝදා ප්‍රතිඵල පිටවූ අතර එහිදී ඔහු ” ඒ ” සාමාර්ථ දෙකක් සහ ” බී ” සාමාර්ථයක් ද
(“A” – 2 / “B” – 1) ලබා උසස් පෙළ විභාගය උසස් ලෙස සමත්ව ඉංජිනේරු පීඨයට ඇතුලත් වීම සදහා අවශ්‍ය සියලු සුදුසුකම් සපුරා සිටි අයෙකි.

මෙලෙස ඉතා අවාසනාවන්ත ලෙස මිය ගිය එකම පවුලේ සොහොයුරන් දෙදෙනාගේ අවසන් කටයුතු ලබන ඉරිදා සවස සිදුකිරිමට නියමිතව ති⁣බේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here