වැඩේ කැතයි Hiniduma Sunil Senevi .-සුරේඛා සමරසේන..

0
125

වැඩේ කැතයි Hiniduma Sunil Senevi … ඔයා අද කළේ කිලිනොච්යෙ ඉඳන් දීපචෙල්වන් කොළඹට ගෙන්නල දවස් තුනක් රස්තියාදු කරවපු එක විතරයි… එන්න දවසයි, ඉන්න දවසයි, යන්න දවසයි… (අපිත් රස්තියාදු වුණා තමයි, හැබැයි අපි ආවෙ අපේ කැක්කුමට, ස්වකැමැත්තෙන්…)

ඇත්තටම අද සාකච්ඡාවෙ කිසිම තේරුමක් නෑ… ඇමතිත් මඟදි නැඟිටලා ගියා… සාහිත්‍ය අනු මණ්ඩල / කලා මණ්ඩල වල ඉන්න (අපි හොඳටම දන්න) අයත් කියෙව්වෙ බහුබූත… එයාල කියන හැටියට රේගුව පොත් නිදහස් කරන්නෙ ආරක්ෂක අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් ඉදිරියේදි දෙන වාර්තාවක් සලකලා බලලා ලු…

FB IMG 1776429552470 FB IMG 1776429540805 FB IMG 1776429537834 FB IMG 1776429534452

ලේඛකයො / ප්‍රකාශකයො මේ තත්වය සරලව ගන්න එපා… අනාගතේ අපිට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය අරන් ලියන්න වෙන සීන් එකක් තියෙන්නෙ… PSTA ආවෙත් නෑ තව…

කොහොම වුණත්, අද රැස් වූ පිරිස ‘දීපචෙල්වන් සිදුවීමෙන් ඔබ්බටත් භාෂණයේ ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන්’ අරගල කරන සාමූහික අදහසකට ආවා…

ඒ සංවාදය – අරගලය ඉදිරියට ගෙන යමු…

සුරේඛා සමරසේනගේ ⁣ෆේස්බුක් පිටුවෙන් උපුටා ගැණුනි.
✊❤️✊❤️✊❤️

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here