ඇවෙන්රා ශිතකරණ වල තිබු මිනිස් පාරිභෝජනය ⁣ට නුසුදුසු කුකුළ් මස් කිලෝ 54ක් අධිකරණ භුමිය තුලදි විනාශ කෙරේ!

0
231

ඇවෙන්රා හෝටලයේ ශිතකරන වල තිබු මිනිස් පාරි⁣භෝජනය⁣ට නුසුදුසු කුකුල් මස් කිලෝ 54..5
පසුගියදා අධිකරණ භුමිය තුල විනාශ කරදමන්නට යෙදුණි.

මෙම කකුල් මස්වල සැල්මනෙල්ලා (Salmonella bacteria ) බැක්ටිරියාව තිබුන බවට සායනික පරික්ෂණ වලින් තහවුරු වි තිබුණ බව සෞඛ්‍ය බලධාරින් ප්‍රකාශ කර ඇත..

පසුගිය දෙසැම්බර් මුල් සති
දෙක තුල ඇවෙන්රා හෝටලයේ පැවැති විවිධ සාද වලට සහභාගි වු විශාල පිරිසක් ආහාර විෂවිම් වලට ගොදුරුව පිඩාවට පත්වූහ.

මේ බහුතරයක් දෙනා රෝගාතුරව සිටියද ඔවුන්ට ආහාර විෂවිමක් සිදුවන්නට ඇතැයි දැනගන්නට ලැබුනේ අපි විසින් මේ පිලිබදව කරන්නට යෙදුණු හෙළිදරව් කිරිම් නිසාවෙනි.

පසුව කරන්නට යෙදුන පරික්ෂණ වලින් දැනගන්නට ලැබුනේ හෝටලයේ ජලය සහ මිනිස් පාරිභෝජනයට නුසුදුසු කකුල් මස් හේතුවෙන් මේ ආහාර විෂවිම් සිදුව තිබුන බවය.

මෙම කුකුල් මස් තොගය පසුගිය 24 වනදා  පෙරවරුවේ මහේස්‍රාත්තුමිය ඉදිරියේදි විනාශකර දමන්නට පියවර ගෙන තිබුණි.

ඇවෙන්රා හෝටලය වසර 18  ට  සමරා තිබුනේ ඔවුන්ට එරෙහිව නඩු දෙකක් තවමත් පවතින අත⁣රෙදීය.

InShot 20260428 054552653

මින් එක් නඩුවක් 2024 දෙසැම්බරයේදි   ඇවෙන්රා හෝටලයට එරෙහිව  කටාන කොට්ටාශයේ මහජන පරික්ෂකවරුන් පවරා තිබුනේ එහි මුළු තැන් ගෙයි පැවැති අපිරිසිදු කම ,සහ සෞඛ්‍යානුකුල නොවන ආකාරයෙන් ආහාර ගබ⁣ඩා කර තිබිම නිසාය

ඇවෙන්රා කුස්සියIMG 20231223 WA01261 IMG 20231223 WA01592 IMG 20231223 WA01303 IMG 20231223 WA0102 1 IMG 20231223 WA0136 IMG 20231223 WA01321 IMG 20231223 WA01272

දෙවනි නඩුව පසුගිය දෙසැම්බර් මාසය තුල සිදුවු ආහාර විෂවිම් වලට හේතුව ලෙස සායනික වශයෙන් තහවුරු කර තිබු කුකුළු මස් තුල සැල්මොනෙල්ලා බැක්ටිරියා අන්තර්ගතව තිබිම සහ අපිරිසිදු පානිය ජලය සම්බන්ධයෙනි.

(අප මේ පිළිබදව පෙබරවාරි මාසයේදි හෙළිදරව් කලෙමු)

Screenshot 20260428 042803

අති සුඛෝපබෝගි හෝටලයක් ලෙස නම්දරා සිටියද අද ඇවෙන්රා හෝටලයට එරෙහිව පවතින මේ නඩුදෙක ඔවුන් දැවැන්ත අභියෝගයක් එල්ල හමාරය.

එනම් අපිරිසිදු කුස්සියක්, සෞඛ්‍යානුකුල නොවන ආකාරයට ආහාර ගබඩා කිරිම සහ මිනිස් පාරිභෝජනයට නුසුදුසු Salmonella bacteria සහිත කකුල මස් එහි පැවැති සාදවලදි පරිභෝජනයට ලබාදිම සහ අපිරිසිදු පානීය ජලය ලබාදි තිබිම හේතුවෙනි.

ඇවෙන්රා හෝටලය සම්බන්ධයෙන් අතිබහුතරයක් මාධ්‍ය මුනිවත රකිද්දි මිපුර අපි හැමවිටම තිත්ත ඇත්ත හෙළිදරව් කලෙමු.

මෙය ඉවසා ගත නොහැකිව ඇවෙන්රා හිමිකාරිත්වය අපව බියවැද්දිමටත් තර්ජනයට ලක්කිරිමටත් විවිධ ක්‍රම භාවිතා කළ බවද මෙහිලා සටහන් කළ යුතුව තිබේ.

අප හෙළිකරන ලද ඒ සත්‍යය අද ඇවෙන්රා හෝටලයට එරෙහිව පවතින නඩු දෙකක් විසින් සනාථ කර ඇත.

සැල්මොනෙල්ලා  බැක්ටිරියා සහිත කකුල් මස් කිලෝ 54.5 පසුගියදා අධිකරණ භූමිය තුලදි විනාශ කර තිබුනේ මහේස්‍රාත් තුමිය හමුවේ බවද අවධාරණය කරනු කැමැත්තෙමු.

මේ තිත්ත ඇත්තට එරෙහිව ඇවෙන්රා හිමිකාරිත්වය හා එක්ව අපව බියවැද්දිම උත්සහ කළ සැමට කියන්නට ඇත්තේ අප කිසිවිටකත් වැරදි පුවත් පළකර නැති බවත් ඇවෙන්රාහි මුදල් බලය හමුවේ  කිසිවිටකත් සත්‍ය වසන් කරන්නට අප ඉඩ දෙන්නේ නැති බවත්ය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here