ඊයේ (12) උදේ 10.00ට පමණ මිගමුව කොතලාවල පාලම ආසන්නයේ නවතා ඇති බහුදින ධීවර යාත්‍රාවක නැගීමට ගිය ධීවරයෙකු කලපුවට වැටී ඇත. මෙම පුද්ගලයා වැටි ඇත්තේ ගොඩබිම සිට බහුදින යාත්‍රාවට නැගිමට යාමේදි බව වාර්තාවේ. සිද්ධිය සිදුවීමෙන් පැය කීපයකින් පසු මෙම පුද්ගලයාගේ මළ සිරුර එම ස්ථානයට නුදුරින් කලපුවේ තිබී හමුවී තිබේ. මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ මෙම පුද්ගලයා බීමතින් සිට ඇති බවද වාර්තා වේ. මියගිය පුද්ගලයා මුන්නක්කරයේ පදිංචි කේ.එන්.ආර්. ලීමා නම් වයස අවුරුදු 50 පමණ පුද්ගලයෙකි.











