සමුගත් අපේ පුරපති ට ..

0
330

 

පුරපතිකමට හිමිකම් ලද දින සිටම

ආ සැඩ සුළං ගල් මුල් වැඩි වුන තරම

දුටුවෙමි වරද කොතැනද පා ඔබේ දැනුම

විමසනු සොයුර එය යුතුකමකි පරම

 

ජලරළ නගින මහා සයුරක නැවියෙකුට

සිය නැව රැගෙන යන අරමුණ ගැන හොඳට

පරිණතකමක් හුරු කරගන්නට ඔබට

කාලය මදි වුණිද ? පවසන අය එමට

 

නීතිය රකින්නට යුතුකම් කරන්නට

ඉඩ නැති තැනක සමු දී ඉන් මිදෙන්නට

කොන්දක් තිබෙන මිනිසෙක් වී සිටින්නට

හැකි නම්, ඔහුට හැකිය ලොව ජය ලබන්නට

 

නීතිය ඇත්ත යුතුකම ඉටුකළ⁣ නොහැකී

නිලයට රැඳී පල නෑ යන එක හොඳකි

මිනසෙකු විලස සමු අරගෙන යන කලකි

කුමටද පදවි නිල නීතිය රතුමිණකී

මීගමුවේ රාළ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here