කටාන ආසනයට අයත් ඩී.ජේ. ප්‍රනාන්දු පුල්ලේ මාවතේ පිහිටා තිබූ අබලං බොක්කුව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අද දින (2026/09/01) නිල වශයෙන් ආරම්භ කරන ලදී. ප්‍රදේශවාසීන් දිගුකාලීනව මුහුණ දුන් ගැටළුවකට විසඳුම් ලෙස මෙම සංවර්ධන කටයුත්ත ක්‍රියාත්මක වේ.
මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන ලෙස රුපියල් ලක්ෂ 9ක (900,000) මුදලක් වෙන් කර ඇති අතර, ඉදිකිරීම් කටයුතු සඳහා ‘DEVON CONSTRUCTION’ ආයතනය විසින් වගකීම භාරගෙන ඇත.

වැඩ ආරම්භ කරන අවස්ථාව අධීක්ෂණය කිරීම සඳහා කටාන ප්‍රදේශීය සභාවේ සභාපතිනි නිශානි ජයකොඩි, කටාන ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුරංග ප්‍රනාන්දුපුල්ලේ, කටාන උපකාර්යාලයේ තාක්ෂණ නිලධාරී නිල් පුෂ්ප කුමාර යන මහත්ම මහත්මීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගී වූහ.
(උපුටා ගැනිම පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික හෙට්ටිආරච්චිගේ ෆේස්බුක් පිටුවෙනි)

















