ලෝක ජනාවාස දිනයට සමගාමීව කටානේදී නව නිවාස ජනතා අයිතියට

0
21

 

 

ලෝක ජනාවාස දිනයට සමගාමීව, “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” තේමාව යටතේ රු. මිලියන 44,000 ක රාජ්‍ය ප්‍රතිපාදන යටතේ දිවයින පුරා නව නිවාස 5,000ක් ජනතා අයිතියට පත් කිරීමේ ජාතික නිවාස වැඩසටහන (ඔක්තෝබර් 05) දින ක්‍රියාත්මක කෙරිණි.

ඒ අනුව කටාන ආසනයේ ඉදිකළ නව නිවාස කිහිපයක් ජනතා අයිතියට පත් කිරීම අද සිදු කෙරුණි.

මේ අවස්ථාව සඳහා කටාන ප්‍රාදේශීය සභාවේ සභාපතිනී නිශානි ඉරේෂා ජයකොඩි මහත්මිය, උප සභාපති අජිත් ප්‍රියදර්ශන මහතා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන සමන්ත බණ්ඩාර, සුරංග පීරිස් පුල්ලේ, නිමේෂා ජයනාලි, ක්වින්ටස් අදිකාරි, දාවිත් චන්ද්‍රපාල යන මහත්ම මහත්මීන් ද, කටාන ප්‍රාදේශීය ලේකම් සුමුදු අතුකෝරළ මහත්මිය, නිවාස නිලධාරිනී චමරි ගුණසේකර මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසී ජනතාවද සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here