වැඩ නැත්නම් සල්ලි දෙන්නම් හැබැයි අපි කියන වැඩ කරන්න- ඉතාලි රජය කියයි.

0
62

562579_514523038604092_2013322395_nඉතාලිය තවදුරටත් ලාංකිකයාගේ සිහින දේශයක් නොවේ. උග්‍ර රැකියා අර්බුදයක පැටලි සිටින විශේෂයෙන්ම ලාංකික පිරිමින් මාළිගා වැනි නිවෙස් ලංකාවේ භාගෙට තනා ඒ ණය දැන් ගෙවා ගත නොහැකිව ලතවෙන්නේ කරමින් සිටි රස්සාවෙන් ඉවත් කෙරුන පසු ජිවත්විමට සරිලන රැකියාවක් යළි කවදා නම් සොයාගම්දෝයි යන සිතුවිල්ලද සමගින්ය.
අන් බොහොමයක් දැ මෙන්ම කම්කරු නිති අතින්ද බොහෝ ඉදිරියෙන් සිටින ඉතාලි රාජ්‍ය කිසියම් අයෙක් හට රැකියාව අහිමිවුයේ නම් වසරක කාලයක් යළිත් සුදුසු රැකියාවක් ලැබෙන තෙක් කිසියම් මාසික දිමනාවක් ගෙවනු ලබයි.
වසර ගණනාවක් පුරා ක්‍රියාත්මකව ඇති මේ නිතියෙන් පසුගිය කාලය තුල මෙසේ රැකියා අහිමිවු සංක්‍රමණිකයන්ට කිසියම් සහනයක්ව තිබුනේ මේ දිමනාව ලබාගනිමින්ම ඇතැම් කුඩා රැකියාවන් වල නිරතව කිසියම් මුදලක් උපයා ගැනිමට තිබු හැකියාවයි.
එබැවින් පැය කිපයක් දිනකට රැකියාව  කොට සැලකිය  යුතු මුදලක් සොයා ගැනිමට ඔවුහු පුරුදුව සිටියහ.
එහෙත් මෑතක සිට මේ තත්වය වෙනස්ව ඇත්තේ මෙසේ රැකියාව අහිමිව රජයේ දිමනා මත කල්ගෙවන අය හට ඉතාලි රජය විසින් ස්වේච්ජා වැඩ ලබාදිම හේතුකොටගෙනය.
මේ අනුව පාසැල් අසල රථවාහන හැසිරිවිම මෙසේ ලබා දි  ඇති එක් ස්වේච්ජා වෘත්තියකි.
මේ සදහා කිසිදු අමතර ගෙවිමක් නොලැෙබන අතර එහි ඇති බරපතලම අවාසිය වි ඇත්තේ මේ නිසා පෙර කළ මෙන්ම වෙනත් කෙටිකාලින රැකියා වල නිරතවිමට තිබු ඉඩ දැන් ඇහිරි ගොස් ඇති බැවිනි .
එපමණක් නොව එළඹෙන නිවාඩු සමයේ මාස කිපයකට නිවාඩුවක් සදහා ලංකාවට පැමිණිමට සැලසුම්කරගෙන සිටි සැමගේ බලාපොරොත්තු සුන්ව ගොස්ව ඇත්තේ  ද ඉතාලි රජයේ මේ අළුත් මැදිහත්විම් නිසාවෙනි.